IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පළාත් ධාවන කළමනාකරු අල්ලස් දැලේ පැටලේ

(සුජිත් හේවාජුලිගේ සහ ලුණුගල ප්‍රසන්න පද්මසිරි)

රුපියල් 50,000ක අල්ලසක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඌව පළාත් සභා මගී ප්‍රවාහන සේවා අධිකාරියේ වැඩ බලන ධාවන කළමනාකරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් කණ්ඩායමක් විසින් බදුල්ලේ දී ඊයේ(3)සවස අත්අඩංගුවට ගනු ලැබීය.

නුවරඑළියේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු සිසුසැරිය ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා සිය කාර්යාලයේදී ප්‍රදේශයේ කන්තාවකගෙන් මෙම අල්ලස ඉල්ලා එය ලබා ගත් අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගන්නා ලදැයි අල්ලස් කොමිසම පවසයි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් කොමිසමේ නිලධාරීන් දින කිහිපයක් තිස්සේ කරන ලද විමර්ශනවලින් පසුව ය.

සැකකරු අධිකරණයට අද(4)ඉදිරිපත් කිරීමට නියමිතය.

අල්ලස් හෝ දූෂණ චෝදනා දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මියගේ උපදෙස් මත එහි නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 

 



අදහස් (0)

පළාත් ධාවන කළමනාකරු අල්ලස් දැලේ පැටලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 266 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 447 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 183 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site