ඩයනා උදයංගනී
ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප‍්‍රදේශයන්ට අද (9) සවස් කාලයේ දී මිලිමීටර 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම පළාත්වලට මෙන්ම අනුරාධපුරය සහ වව්නියාව දිස්ත‍්‍රික්කවලත් තැනින් තැන අද පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොඩි‍්‍රගු මහතා පැවසීය.
වැසි ඇතිවන අවස්ථාවලදී ප‍්‍රබල අකුණු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වා ගැනීමට ක‍්‍රියා කරන ලෙස ජනතාවට දැනුම්දීමක් කරන බව ද රොඩි‍්‍රගු මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම වැසි තත්ත්වය හෙට (10) දිනයේ දී තරමක් අඩුවනු ඇතැයි ද හෙතෙම සඳහන් තළේය.
මේ දිනවල දිවයිනට බලපා ඇති අන්තර් මෝසමේ බලපෑමෙන් විටින් විට මෙවැනි වැසි ඇතිවුවද දිවයිනේ පළාත් රැසකට බලපා ඇති නියං තත්ත්වය පහව යන තරමේ වැසි අපේක්‍ෂා කළ නොහැකි බව ද ඔහු කීවේය.
නිරිත දිග මෝසම මැයි මස තුන්වන සතියේ දී සක‍්‍රීය වීමෙන් පසු තද වැසි අපේක්‍ෂා කරන බව ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.