
(ක.ග.කරුණාරත්න)
වී වගාවට අවශ්‍ය පොහොර ඉල්ලා මොරගහකන්ද ව්‍යාපාරයේ සහ ඇලහැර මහ ගොවි ජනපදව්‍යාපාරයේ ගොවීහු පිරිසක් අද බකමූණ නගරයේදී උපවාසයක් ආරම්භ කළහ.
ගොවි සංවිධාන 43කට අයත් ගොවි නියොජිතයන් 15 දෙනකු උපවාසයේ මුල් අවස්ථාවට එක්ව සිටිති.
ගොවීන්ගේ පොහොර ප‍්‍රශ්නයට නිසි විසඳුමක් ලබාදීමට කෘෂිකර්ම ඇමතිවරයා ප‍්‍රමුඛ රජය මෙතෙක් අපොහසත්වී ඇති බවත් ඒ සම්බන්‍ධයෙන් ගොවි ජනතාවගේ බලවත් අප‍්‍රසාදය පලකිරීම සඳහා මෙම උපවාසය ආරම්භකල බව ගොවිනායකයින් කියා සිටියහ.
ඉදිරියේදී තවත් ගොවීන් මෙම උපවාසයට එක්වීමට සූදානමින් සිටින බවද ඔවුහු පැවැසූහ. ගොවි උපවාසයට සහය පළකිරීම සඳහා ප‍්‍රදේශයේ ගොවි ජනතාව විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටීම විශේෂත්වයෙකි.
මාස් කන්නයේ වී වගාව කිරීමට නම් රසායනික පොහොර,වල් නාශක,කෘමිනාශක යෙදිය යුතුව ඇතැයිද ඒවා වහාම ලබාදෙන්නයි රජයට බලකර සිටින බව උපවාසයට එක්ව සිටින ගොවීහු කියා සිටිති.
COMMENTS
ජනාධිපතිතුමා ඊයේ පැවසුවා ‘‘මට අවශ්‍ය ඡන්ද නොව ජනතාවට හරි දේ කරන්න කියලා..‘‘
ඔරැකල්, ඩේටා බේස්, චීනයේ නිෂ්පාදිත සුපිරි කාබනික පොහොර, ඉන්දියාවේ නිෂ්පාදිත සුපිරි නැනෝ යූරියා.... මේවා ඔයගොල්ලන්ට එපාද? ඔය ගොල්ලෝ මොඩ් ගොවියෝ නොවේද? ඔය උද්ඝෝෂණ අතහැරලා ඔයගොල්ලොත් පාඩු ලබලා හරි මොඩ් ගොවිපලක් ආරම්භ කරන්න. ජනාධිපතිතුමා අලුත්ම රේන්ජ් රෝවර් ජීප් 2-3 පිරිවරාගෙන ඔබේ ගොවිපලටම ඒවි...