IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


‘‘පොහොර ගැටලුව රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොවේ‘‘

(යොහාන් භාසුර)

කාබනික පොහොර රැගත් නෞකාව පිළිබඳ ප්‍රශ්නය ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති වූ රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොවන බවත් එය හුදෙක්ම වාණිජ ගණුදෙනුවක් හේතුවෙන් පාර්ශවකරුවන් දෙදෙනකු අතර ඇති වූ ප්‍රශ්නයක් බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (8) පැවසීය.

එය කිසිසේත්ම ආණ්ඩු දෙක අතර තියෙන ප්‍රශ්නයක් නොවන බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඒ ප්‍රශ්ය උසාවියට ඉදිරිපත් වී ඇත්තේ රටවල් දෙක අතර උරණවීමක් හෝ රටවල් දෙක අතර ප්‍රශ්නයක් ලෙස නොවන බව ද සඳහන් කළේය.

මෙහිදී නඩු පවරා ඇත්තේ චීන සමාගමකට මිස චීන ආණ්ඩුවට එරෙහිව නොවන බවත් අධිකරණය හමුවේ තියෙන නඩුවක අන්තර්ගතය පිළිබඳ කිසිවක් කථා කළ නොහැකි බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරත් කීය.

බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (08) පැවැති මාධ්‍ය හමුවේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය



අදහස් (10)

‘‘පොහොර ගැටලුව රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොවේ‘‘

විපරමා Monday, 08 November 2021 07:14 PM

ඒකත් එහෙමද? පහුගිය දවස්වල නටපු නාඩගම්වල හැටියට අපි හිතුවේ අයින් වෙලාවත්ද කියලා. කතා ටික කාට හරි කියලා ඉංග්‍රීසියෙන් ලියවා ගන්න ඇති.

:       1       9

චමින්ද ජයනාත් ජයසූරිය Monday, 08 November 2021 07:20 PM

අන්න ඒක තමයි ලංකාවයි, චීනයයි අතර තියෙන වෙනස... අන්න ඒකයි කියන්නේ හම්බන්තොට වරාය කියන්නේත්.. පෝර්ට් සිටිය කියන්නෙත්...චීන සමාගම් වලට දෙන හැම දේම කියන්නෙත්... සමාගම් වලට නෙමේ චීනෙටම අයිති වෙන දේවල්ම වෙන්නෙත් කියලා...

:       0       9

ජන හඩ Monday, 08 November 2021 08:02 PM

ලොකු බලපෑමක් නැතිනම් ප්‍රතික්ෂේප වූ නැව යලිත් නැංගුරම් ලා ඇත්තේ ඇයි? ලංකාවේ ඉහළ තැන්වල ඇත්තන් කවදත් රට පාවලා දෙන්නේ විජය යන මලය රටින් නෙරපූ කෙනෙකුගේ පෙලපතකින් පැවතෙන නිසාද කියලා හිතෙනවා. නැතිනම් මේ තරම් මුදල් කෑදරකමට රටේ මුළු අනාගත පරපුරම කාලකන්නි කරන්න තරම් කණ්ඩායම් මේ රටින්ම බිහිවෙන්න විදියක් නෑනේ..

:       0       15

ගමේ එකාලා Monday, 08 November 2021 08:03 PM

බොරු බේගල් ගහලා ජනතාව අන්දවන්ට හදනවා. චීනා එක්ක ගනුදෙනු කරන්නේ කවුද කියන එක ලෝකෙම දන්නවා....

:       0       16

Lal Monday, 08 November 2021 08:57 PM

බොරු බේගල් ඇද දාන්න එපා. තවදුරටත් රාජපක්ෂලාගේ වහලෙක් වෙන්න එපා. තමන් ඉපදුණු මාතෘ භූමියට අවංක වෙන්න. සත්‍යය ප්‍රකාශ කරන්න...

:       0       17

Prabha Monday, 08 November 2021 09:27 PM

එහෙනම් මොකටද මහින්දානන්ද තානාපති කාර්යාලය පැත්තේ බඩගාන්නේ...?

:       0       16

Royfedricks Tuesday, 09 November 2021 04:48 AM

හැම දේකටම උත්තරයක් තියෙනවා නේද? පෙරකදෝරුවෙක්ට ඒ හැකියාව තියෙනවා? ඒ උනාට රටේ ප්‍රශ්න විසදන්න හැකියවක් නැහැ නේද? මේ රට චීනයේ යටත් විජිතයක් කල තොපිට ශාප වෙවා.

:       0       0

Hafeel Tuesday, 09 November 2021 05:38 AM

සමාගම් දෙක අතර තියන ප්‍රශ්නයක් නම්, ඇයි චීන තානාපති කාර්යාලය මහජන බැංකුව බිලක් ලැයිස්තු කලේ? කාටද මේ ගොං මෝඩ කතා කියන්නේ?

:       0       0

Demuni Uduwara Tuesday, 09 November 2021 06:10 AM

නමුත් තානාපති කාර්යාලය කටයුතු කරන්නේ සැපයුම් කරු සේය!

:       0       0

de silva Tuesday, 09 November 2021 09:40 AM

එහෙම නම් මොකද මේ පිබන්දව චීන තානාපති සම්බන්ධ වෙන්නේ ?මේවා මුකුත් හොයන්නේ බලන්නේ නැතිව මේ පොහොර ඇනවුම් කලේ කව්ද ?ඔහුට විරුද්ධව ගන්න පියවර කුමක්ද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 94 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 591 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site