(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී පිහියක් පෙන්වමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දික අරුන්දික මහතාට මරණීය තර්ජන එල්ල කැළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වැලිකඩ පොලීසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද (19) කරුණු වාර්තා කළේය.
ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ මහතා විසින් සිදුකරන ලද පැමිණීල්ලකට අදාළව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇතැයි වැලිකඩ පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩලේ මහතා විසින් අධිකරණය වෙත මෙම සිද්ධියට අදාළව කරුණු වාර්තා කර තිබිණී.
ඒ අනුව ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 486 වගන්ති ප‍්‍රකාරව මෙම පරික්ෂණය ආරම්භ කර ඇති බවට වැලිකඩ පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.