IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පහන් තක්ෂිලාවේ සල්ලි වංචාව: සහකාර අධ්‍යක්ෂකට අතින් ගෙවන්න වෙයි

(උපාලි ආනන්ද)

උතුරු මැද පළාතේ පාසල් දරුවන්ගේ සාරධර්ම ප්‍රවර්ධනය කිරීම සඳහා  පහන් තක්ෂිලාව වැඩමුළු පැවැත් වූ බව පවසමින්  වංචා කර ඇති රුපියල් 315,000 ක මුදල 2019 වසරේ  මාර්තු මස 31 වන දිනට පෙර රජයට ගෙවන ලෙස උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි අනුරුද්ධ ජයලත් මහතා උතුරු මැද පළාත් අධ්‍යාපන  දෙපාර්තමේන්තුවේ හිටපු බුද්ධ ධර්ම හා සාර්ධර්ම විෂය සහකාර අධ්‍යක්ෂ පී. එස්. රාජාසිංහ මහතාට ලිඛිතව දැනුම්දී ඇත. 

උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් හිටපු සහකාර අධ්‍යක්ෂවරයාට යවා ඇති එම ලිපියේ මෙසේද සඳහන් වේ.

උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ බුද්ධධර්ම හා සාරධර්ම විෂය සහකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ඔබගෙන් රජයට අයවිය යුතු රුපියල් තුන් ලක්ෂ පහළොස් දහසක මුදල රුපියල් දෙදහස බැගින් වූ මාසික වාරික වශයෙන් නොව වාරික තුනකින් අයකර ගැනීමට කටයුතු කරන ලෙස උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් මා වෙත දන්වා එවා ඇත.

අදාළ මුදල ගෙවීම පැහැර හැරියහොත් ඔබට විරුද්ධව දැඩි විනය ක්‍රියා මාර්ග ගැනීමට සිදු වන බවද දන්වා සිටිමි. එබැවින් රජයට අය විය යුතු රුපියල් 315000 ක මුදල 2019 වසරේ මාර්තු මස 31 වන දිනට පෙර වාරික තුනකින් ගෙවා නිම කරන ලෙස මෙයින් දන්වා සිටිමි.

මෙම ලිපියේ පිටපත් උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් එච් එම් පී බංඩාර සහ පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් එච් එම් තිලක බණ්ඩාර යන මහත්වරුන්දටද යොමු කර ඇත

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් උතුරු මැද පළාත් අභ්‍යන්තර විගණන හා විමර්ශන දෙපාර්තමේන්තුව මගින් සිදු කළ විගණන විමර්ශනයක   නිර්දේශ අනුව  රාජසිංහ යන අයට   මෙම දැනුම්දීම කර තිබේ.

2015 වසරේ සිට මෙම වැඩමුළු පවත්වා සිදු කර ඇති බව කියන මෙම මහා පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් එච්. එම්. පී. බණ්ඩාර මහතාගේ නියමයෙන් අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා විසින් සහ පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් එච්. එම්. තිලක බණ්ඩාර මහතාගෙන් නියමයෙන් පළාත් සහකාර සමූපකාර කොමසාරිවරිය විසින් තවත් විමර්ශන දෙකක්ද මේ වන විට සිදු වෙමින් පවතී. ඒ පිළිබඳව උතුරු මැද පළාත් අභ්‍යන්තර විගණන හා විමර්ශන දෙපාර්තමේන්තුව සිදු කර ඇති විගණන විමර්ශෙනයට අමතරවය.



අදහස් (0)

පහන් තක්ෂිලාවේ සල්ලි වංචාව: සහකාර අධ්‍යක්ෂකට අතින් ගෙවන්න වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site