(සම්පත් ප්‍රියනනදන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කර සමාජ ගත කළ බවට වරද පිළිගත් යුවළට රුපියල් 10,800ක දඩයක් සහ මාස තුනක සිරදඩුවමක් නියම කළ බලංගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා එම සිර දඬුවම, වසර හතකට අත්හිටවූයේය.
මෙලෙස අත්හිටවූ සිරදඩුවම් සහ දඩ නියම වූයේ, ඇල්පිටියේ පදිංචි 24 හැවිරිදි කාන්තාවක සහ මහරගම පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම සිද්ධියට අදාළව ඉකුත් සැප්තැම්බර් මස 03 වැනිදා අත්අඩංගුවට ගත් මෙම යුවළ අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් පොලිස් ඇප මත මුදා හැරි බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සැකකරුවන් දෙදෙනා 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන පනත සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 285, 286 වගන්ති ප්‍රකාරව අසභ්‍ය දර්ශන නිෂ්පාදනය, සන්තකයේ තබා ගැනීම, බෙදාහැරීම සිදුකරමින් වරදක් සිදුකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
ඒ අනුව මෙම චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගත් සැකකරුවන්ට දඩ සහ අත්හිටපු සිරදඩුවම් නියම කිරීමට අධිකරණය තීරණය කළේය.
මෙම සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැමණීල්ලක් ඉදිfිපත් කර තිබුණේ දම්සක් පදනම නම් සංවිධානයක සභාපති පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසිනි.
බලන්ගොඩ බොලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දිය ඇල්ල අසල තරුණ යුවළක් නිරුවතින් අඹු සැමියන් ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන මෙම රූප පෙළ සහ වීඩියෝ පටය ශ්‍රී ලාංකික සංස්කෘතියට පටහැනිව පොදු ස්ථානවල සිදුකරන අශ්ලීල ක්‍රියාව සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කර අදාළ පුද්ගලයන්ට දඩුවම් ලබා දෙන ලෙසට පැමිණීල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබිණී.
COMMENTS
ලංකාවේ තියන සියලුම ප්‍රශ්න දැන් විසදේවි
අර හිරේට පැනලා යකා නටපු එක්කෙනා නිදහස්ද?
ඔන්න ලොකු වැඩක් කරලා.
අනේ මන්දා දඩුවම් දෙන්න තියෙන නඩු තව කොච්චර තියෙනවද?
සංස්කෘතියට පටහැනි දේවල් වලට දඩුවම් ලැබිය යුතුයි.
මේ වගේ අනිත් වැරදි වලටත් දඩුවම් කඩිනමින් දුන්නානම් තමයි හොඳ
ලොකු ලොක්කන්ට අපේ රටේ නීතිය නැමිය හැකි අතර පොඩ්ඩන්ට අකුරට ක්‍රියාත්මක වෙන බවට මේක කදිම නිදසුනකි.
එතකොට මාධ්‍ය හමුවකට ඇවිත් පරසක්වල ගහලා කිව්වේ එයාලා නෙවෙයි කියල
අර 15 හැවිරිදි දැරියක් ලිංගිකව අපයෝජනය කිරීමේ නඩුවට මොකද උනේ? එම සිද්දියට සම්බන්ද අයට විරුද්දව දඬුවම් නියම උනාද ?
ඇත්තටම මොකක්ද මේ අත් හිටවපු සිරදඩුවම් කියන්නේ? දන්නා කෙනක් ඉන්නවනම් පැහැදිලි කිරීමක් කරන්න
කෙටි කාලයක් තුළ අධිකරණ ක්‍රියාවලිය අවසන් වීම ඉතා හොඳ පූර්වාදර්ශයක්. රටේ අනිකුත් නඩු කටයුතුත් මෙවැනි කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක වෙනවා නම් දඬුවම සුළු වුණත් කඩිනමයි ඉතා වැදගත්.
ශ්රී ලාංකික සංස්කෘතියට පටහැනිව කටයුතු කරන අය අත්අඩංගුවට ගෙන මේ වගේ දඩුවම් දෙන්න. මොකද ඒවා ශ්‍රී ලාංකික සංස්කෘතියට ගැලපෙන වැඩද. ලංකාවේ ඉදිරි පරම්පරා වලට දෙන වැරදි ආදර්ශ
දඩ සහ සිර දඬුවම් කිව්වට හිරේ දාන්නේ නැහැනේ..? සිර දඬුවම ක්‍රියාත්මක කළාම තමයි මේ වගේ දේවල් ආයෙත් කරන්නේ නැහැ...
දඬුවම ඉක්මන් වුණේ ඔවුන් වරද පිළිගත් නිසයි...
හොරකම්, තක්කඩිකම්, ඝාතන, අපචාර එහෙම ශ්‍රී ලංකාවේ සංස්කෘතියට පටහැනි නැතිව ඇති නේද?
අත්සිටවුණ සිර දඬුවමක් කියන්නේ සත්‍ය ලෙසම සිරගත කිරීමක් කරන්නේ නැහැ නමුත් එම අත්සිටවූ දඬුවම වංගු කාලය තුල සමාන වරදක් කලොත් මුල් දඬුවම ක්‍රියාත්මක වෙනවා. මේ වගේ අත් සිටවුන සිර දඬුවමකින් බලාපොරොත්තු වෙන්නේ නැවත එවැනි ආකාරයේ වරදක් නොකිරීමට බල කර සිටීමක්