හිරාන් ප්‍රියංකර ජයසිංහ
නවගත්තේගම වෙලේවැව වැලිඅගාරේ මුදලට සුදු කෙළියේ යෙදී සිටි සැකකරුවන් 8 දෙනෙකු අද (21) අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ද වෙති.
නවගත්තේගම පොලිසියට ලැබුණු තොරතුක් මත අදාළ සුදූකෙළිය පවත්වාගෙන ගිය නිවස වටලා තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නවගත්තේගම පොලිසියට රැගෙන එමෙන් පසුව පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කෙරිණි.
සැකකරුවන්ට යළි හෙට (22) ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස ද පොලිසිය දන්වා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතුවට පළාත් සභාව, පාර්ලිමේන්තුව ඔව්වට ගිහින් වැඩ පටන් ගන්න මූලික පුහුණුවක් එපායැ...
ප්‍රාදේශීය සභාවල ඉන්න මන්ත්‍රීලගේ එක් සුදුසුකමක් වෙන්නැති ඕක. ප්‍රදේශයම නිවාශ කරන පිරිස්..........
අපේ රට දවසින් දවස අගාදයටම යනව නීති හදන රට හදන තැන කුඩු කාරයො. ගම හදන තැන සූදුකාරයො. අනික් හාස්‍යජනක කාරනය තමයි රටේ මිනිස්සු මේ අයවම ඕනෙ කියල ඡන්දෙ දෙන එක .මෙම තත්ත්වය මත රටේ ඉදිරි පැවැත්මක් ගැන බලාපොරොත්තු තබාගත නොහැකියි .දරුවන්ගේ අනාගතය තමයි විනාශයට පත්වෙන්නෙ.
මෙවැනි අයට පක්ෂ නායකයෝ සැලකිල්ලක් නොදක්වා ආපහු නාමයෝජනා දෙනවානම්, ඡන්දේ දෙන මිනිස්සු හිතට ගන්න ඕනි නිසි තැන ලබාදෙන්න.