(නාලක සංජීව දහනායක)
ගංවතුරින් හානියට පත් උතුරු පළාතේ ජනතාවගේ නිවාස හා දේපළ ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජිනේරු බළකාය අද (4) කිළිනොච්චිය බලා පිටත්විය.
ආපදාවටපත් ප‍්‍රදේශවල ජනතාව සඳහා අවශ්‍ය විදුලි උපකරණ, ජලනල වැනි දෑ රැගත් ලොරිරථ දහයක් හා ඉංජිනේරුවන් තිහක් සහ තවත් කාර්මික නිලධාරීන් තිහක පිරිසක්ද මේ සඳහා එක්විය.
මෙම පිරිස දින දෙකක කාලයක් උතුරු පළාතේ රැඳී සිටිමින් පීඩාවට පත් ජනතාවට සහන සැළසීමට නියමිතය.
මෙම අවස්ථාවට සහභාවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා මෙසේ පැවැසීය.
‘‘උතුරු පළාතේ ජනතාව පහුගිය දිනවල ගංවතුර ආපදාවකට මුහුණ දුන්නා. ඒ වෙලාවේ යුද හමුදාව ඇතුළු සංවිධාන රාශියක් ඔවුන්ට උදවු කළා.
අපේ තරුණ පෙරමුණත් උතුරට ගිහිල්ලා උදවුකළා. මේ වෙද්දි පීඩාවටපත් ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉටුකරලා ඔවුන්ට ජීවත්වීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කරන්න ඕන.
ඒ අවශ්‍යතාවයන් සපුරාලන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු සංගමය ඉදිරිපත්වෙලා ඉන්නවා. දේශපාලන පක්‍ෂයක් දේශපාලන කටයුතු මෙන්ම මෙවැනි දේවල්ද කළ යුතුයි කියල තමන් විශ්වාස කරන බවද ඔහු කීය.‘‘
COMMENTS
මේ අයට ඉංජිනේරු බලයකුත් තියනවද?
ලොක්කා සහ කල්ලිය "විහින් පැටලුන" සාමාජික හුට පටයෙන් ගොඩ ගැනීමේ බලකාය කවදද වැඩ පටන්ගන්නේ?
අම්මපා එහෙම එකක් තියෙනවැයි...
ශක්තිමත් පක්ෂයක් සැදීම, ශක්තිමත් රජයක් හැදීමේ එක් පියවරක්.
මේකත් කලින් තිබුණා වගේ පාරවල් ගානේ කසිප්පු බිබී නාඩගම් නටපු බලකාය වගේ එකක්ද කොහෙද?
දැන්නම් හොඳාකාරවම වැටහෙනවා මේවා ඡන්ද මගඩි බව. විපතේදී පමණක් නෙමෙයි අනෙක් අවස්ථාවලදීත් මෙහෙම ක්‍රියාවන් සිද්ධ වෙනවානම් කොතරම් අපූරුද?
හරිහැටි නායකයෙක් නැති සාමාජිකයන් නැති පක්ෂයකට කොහෙද ඉංජිනේරු බලකා තියෙන්නේ. මඩ බලකා නම් ඇති....
නිල් බළකාය වෙනුවටද මේ බළකාය?
සන්නාහ සන්නද්ධ බලකායකුත් හදන්න පුළුවන්ද මන්ද?