IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘පහුගිය ආණ්ඩුව රාජ්‍ය බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල සඳහා පත් කළේ ශාස්ත්‍රකරුවන්‘

(රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)


පසුගිය රජය රාජ්‍ය බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල සඳහා පත් කළේ කේන්දර බලන ශාස්ත්‍රකරුවන් යැයි සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.


ලංකා බැංකුව සහ මහජන බැංකුව වාර්තාගත ලාභ ලබා තිබෙන බව පැවසූ සභානායකවරයා විගණකාධිපතිවරයාගේ වාර්තා අනුව ඉකුත් වසර තුන තුළ කිසිදු දූෂණයක් හෝ වංචාවක් හෙළි වී නැතැයි ද කීය.


ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට අමතර පිළිතුරක් දෙමින් ඒ බව පැවසූ සභානායකවරයා මෙසේ ද කීය.


“පසුගිය රජය රාජ්‍ය බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩලවලට පත් කළේ ශාස්ත්‍රකාරයෝයි. ක්‍රියාකාර අධ්‍යක්ෂක වූයේ කේන්දර බලන අයයි. අපි එහෙම පත් කරන්නේ නැහැ. හැම අධ්‍යක්ෂවරයෙක්ම ඒ සඳහා පත් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ යෝග්‍යතා පරීක්ෂණයෙන් පසුවයි. අපි පත්කරන්නේ හොඳ උගත් බුද්ධිමත් අය” යැයි ද කීය.



අදහස් (3)

‘පහුගිය ආණ්ඩුව රාජ්‍ය බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල සඳහා පත් කළේ ශාස්ත්‍රකරුවන්‘

Ranga Thursday, 25 October 2018 11:15 AM

මේ ආණ්ඩුවේ පළාත් සභාවල ආණ්ඩුකාරවරියන් ලෙස පත් කරලා තියෙන්නේ කේන්දර බලන ශාස්ත්‍රකාරියන්...!

:       0       0

කසුන් Thursday, 25 October 2018 11:51 AM

ඉතින් ඒකනේ අපි ඔයාලව පත්කරගත්තේ !

:       0       0

සතයපාල Thursday, 25 October 2018 02:00 PM

සමහර තැන්වල අධයක්ෂකවරු ගෙදර වැඩට හිටි අය තමන් ආණ්ඩු කෙරුවේ එහෙම කට්ටියක් සමග බව මේ අයට බොහෝම ඉක්මණට අමතක තියන විත්තිය අපි දන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 37 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site