
(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පස්කඳු කඩා වැටීම නිසා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයත් , ගිනිගග්හේන දියගල හරහා නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයත් තාවකාලිකව වසාදැමු බව නුවරඑලිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසයි.
ගිනිගත්හේන පොල්පිටිය පොලිස් වසමට අයත් කළුගල යටිබේරිය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩාගෙන වැටි ඇති බවත්, එම පස් කන්ද ඉවත් කිරිමේදි කන්දට ඉහලින් වු තවත් පස් කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩා වැටිමේ අවධානමක් පවතින නිසා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුගල පොලිස් මාර්ග බාධකය අසලින් වසා දමන බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.
මේ අතර ගිනිගත්හේන දියගල හරහා නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් ගිනිගත්හේන දියගල වත්ත ප්‍රදේශයෙන් කඩා වැටිම නිසා එම මාර්ගයද තාවකාලිකව වසා දැමු බව නුවරඑලිය ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා පැවසිය.




2025 දෙසැම්බර් මස 18
43
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
131
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
930
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පස් කඳු කඩා වැටීම නිසා හැටන් - කොළඹ මාර්ගය වහයි