(ඇල්ල ප්‍රසාද් රුක්මල්)

පස්සර සහ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මැදිව පිහිටි පස්සර වරාදොල ගම්මානයේ දරුවෝ ඔන්ලයින් පහසුකම් නොමැති දැඩි අපහසුතාවට පත්ව සිටිති .

පාසල් කටයුතු සදහා දරුවන්ට අවශ්‍ය ඔන්ලයින් පහසුකම් ලබා ගැනීමට මව්පියන් අඩි සිය ගණන් උස විශාල අනතුරුදායක ගස්මුදුන් මතට නැග ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් රවුටර් ගස් මුදුන් මත ගැටගසා අවශ්‍ය ඔන්ලයින් පහසුකම් ලබා ගන්නා බවද ගම්වාසීහු පවසති .

සුන්දර මනරම් ප්‍රදේශයක පිහිටි පවුල් 300ක් පමණ ජීවත්වන මෙම වරාදොල ගම්මානයේ ප්‍රධාන ජීවනෝපා මාර්ගය වී ඇත්තේ කෘෂිකර්මාන්තය සහ ගොවිතැනයි .

කෝවිඩ් වසංගතයත් සමඟ මෙම වරාදොල ගම්මානයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මුලුමනින්ම නතර වී ඇති අතර , ඔන්ලයින් පහසුකම් නොමැති නිසාවෙන් මෙම දරුවෝ කබලෙන් ලිපට වැටී අසරණව සිටිති .