IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පස්සර බස් අනතුරින් මියගිය අටදෙනාගේ සිරුරු ඥාතීන්ට බාරදෙයි

(නිශාන්ත කුමාර)

පස්සර මඩොල්සිම මාර්ගයේ දී සිදු වූ බස් අනතුරින් මියගිය පුද්ගලයින් අට දෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව අද (07) පස්වරුවේ ඔවුන්ගේ ඥාතීන්ට බාරදුන් බව මඩොල්සිම පොලිසිය පැවසීය.

මියගිය පුද්ගලයින් සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය බදුල්ල පළාත් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින්  පස්සර දිසා රෝහලේ දී සිදුකළේය.

බස් රථ අනතුරෙන් සිදු වූ කම්පනයෙන් සහ අධික රුධිර වහනය හේතුවෙන් මෙම මරණ සිදු වූ බවට අධිකරණ වෛද්‍යවරයා විසින් නිගමනය කර ඇතැයිද පොලිසිය පැවසීය.

මෙම  අනතුරින්  පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු අට දෙනෙකු මියගිය අතර තුවාල ලැබූවන් 41 දෙනෙකු මේ වන විටත් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පැවැසීය.

 



අදහස් (0)

පස්සර බස් අනතුරින් මියගිය අටදෙනාගේ සිරුරු ඥාතීන්ට බාරදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 135 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 758 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site