(එම්.සුසිල් ප්‍රියන්ත)
පාසල් හෙට (6) පටන් ගත්තද පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමෙන් තමන් ඉවත්වන බව සමස්ත ලංකා අන්තර් පලාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා අද (5) පැවසීය.
සිය සංගමය ගත් වෘත්තීය ක්‍රියා මාර්ගය පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීම නිමිත්තෙන් අම්බලන්ගොඩදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රසාද් මහතා එසේ කීවේය .
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ කීය.
පාසල් හෙට (6 ) පටන් ගත්තත් පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමට සිය සංගමයේ කිසිදු බස් රථයක් ධාවනයට එක් කරන්නේ නැහැ. එහේම බස් රථ ධාවනය කලොත් අපිට ලොකු පාඩුවක් කරන්න වෙනවා. හෙට (6) පාසල් පටන් ගන්නේ ශ්‍රේණි තුනක දරුවන් වෙනුවෙනුයි. පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් , අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින හා උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් විතරයි.
ඒ දරුවන් වෙනුවෙනුත් වෙලාවල් දෙකක දී පාසල පටන් ගන්නෙත් ඇරෙනෙත් . එතකොට අපේ බස් රථවල යන්නේ ඉතාමත් අඩු ළමුන් සංඛ්‍යාවකුයි. ඒ ළමයි ටික විතරක් ප්‍රවාහනය කරලා අපිට යන පිරිවැය දරන්න බැහැ. ඒ නිසයි අකමැත්තෙන් හරි මේ තීරණය ගත්තේ.
මේ ළමයි ටික අපේ බස් රථවලින් ප්‍රවාහනය කරන්න සිදු වෙනවා නම් ඒ ක්‍රම දෙකක් අනුගමනය කරන්න අපිට සිද්ධ වෙනවා. එක ක්‍රමයක් තමයි පාසලට නාවත් අපේ බස් රථවලින් කලින් පාසල් ගිය සියලුම ලමුන්ගෙන් ගාස්තු අය කිරීම දෙවැනි එක තමයි යන සීමිත ළමුන්ගෙන අපිට වැයවෙන පිරිවැය සදහා වෙනදා අය කරන ගාස්තුවට වැඩියෙන් මුදල් අය කිරීම .
මේ ක්‍රම දෙකම අසාධාරණ නිසා අපේ සංගමය තීරණය කළා සියලුම ළමුන් සදහා පාසල විවෘත කරන තෙක් සිය බස් රථවලින් පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමෙන් වළකින බවද ඔහු කීවේය.
සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සංවිධායක රුවන් ප්‍රීති කුමාර මහතාද මෙහිදි අදහස් දැක්වීය.
COMMENTS
මෙන්න රටට ආදරේ තියෙන දරුවන් කෙරෙහි මානව දයාවෙන් බලන අය... අපිට පේනවා මෙයාලා ළමයින් පටවගෙන වාහන වල යන හැටි. ඇතුලේ ඉන්නේ පොඩිවුන් කියල හිතන්නෙත් නෑ. පිම්මේ යන්නේ පාරවල්වල. දෙමාපියන් මේවා දන්නේ නැතුව ඇති. මේ වාහන වල සිදුවන අපචාර අනන්තයි. මෙවැනි අය ඉන්නකම් රටක් ඉදිරියට යන්නේ කොහොමද?
මොනවා නැතත් ලංකාවේ හතු පිපෙන්නා වගේ සංගම් නම් තියෙනවා...
ප්‍රවාහන සේවය පුද්ගලික ව්‍යාපාරයක් වීමේ අවාසිය මෙයින් පැහැදිලිව පෙන්නුම් කරයි. පාඩුවට ප්‍රවාහන සේවය ලබාදීමට කිසිම රථවාහන හිමියෙක් කැමති නැත. කොරෝනා වසංගතය සම්පූර්ණයෙන් පහවනතුරු මෙවැනි ප්‍රශ්නවලට විසඳුම් සෙවීම ඉතා අසීරුයි.
ඉතින් ඉවත්වෙන්න කියමු. ඉවත්වෙලා ගෙදරම ඉන්න කියමු. මේ දිනවල රස්සා නැතුව ඉන්න සුදුසු රියදුරන් පිරිසකට රජය මූලිකව යම් වාහන ණයක් ලබාදීලා ඔවුන්ව මේ වෘත්තියට යොමුකරමු. මේ වගේ වෙලාවකවත් තමන්ගේ සාක්කුවම නොබලා රට ගැන බලන්න බැරි කුහක මිනිස්සු ගෙදරම තියමු...
මේ තමයි CTB එක නැතිකරලා හැම දෙයක්ම පුද්ගලිකකරණය කිරීමේ විපාකය... බොහෝ රටවල ගමනාගමන සේවය කරන්නේ රජයෙන්.. එය අත්‍යාවශ්‍ය කාරණයක් නිසා. මේ මිනිස්සුන්ට බනින්න බැහැ. අපි දුවනවද අපේ වාහනයක් පාඩුපිට...? ජේ.ආර්. ලා දුරදිග නොබැලූ එකේ විපාක තමයි මේ...
හරියට හරි. මේ අය ළමයි අරන් යන්නේ බ්‍රොයිලර් කුකුල් පැටව් අරන් යනවා වගේ. දරුවන්ගේ ආරක්ෂාව ගැන තැකීම බිංදුවයි. මේ අබලන් වාහනවල සිදුවෙච්ච අනතුරුවලින් දරුවෝ කී දෙනෙක් මැරුණද? ප්‍රයිවට් බස් ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් කරනවා. මේ අය දරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරනවා. දරුවන්ගේ ජීවිත ගැන වගකියන දියුණු රටවල පාලකයින් මෙහෙම හරක් පට්ටි වගේ දරුවන් ප්‍රවාහනය කරන්න ඉඩදීලා නැහැ. කිසිම රජයකට මේවා විධිමත් කරලා දරුවන් ආරක්ෂා කරන්න බැරි වුනේ ඇයි?
මෙයින් පෙනෙන්නේ ළඟම පාසල හොඳම පාසල බවයි.
දෙමව්පියන් වශයෙන් පාසැල් සියල්ල ආරම්භ වූූූ පසුව මේ බස්රථ ප්‍රතික්ෂේප කළ යුතුයි. ස්වයං රැකියාවක් කරන මේ පිරිස මාසේ පඩි ගන්න අය වගේනේ හැසිරෙන්නේ. දෙමව්පියන් වශයෙන් මේ අයගේ බස්රථ ප්‍රතික්ෂේප කර ඔබටත් යමක් කළ හැකි බව පෙන්වා දෙන්න. එය තමයි කළයුතු හොඳම දේ...
මේ " ඊනියා ස්කූල් වෑන් " කාරයින් තරම් හිතක්, පපුවක් නැති ජාතියක් තවත් නැහැ. ඕක හින්දමද කොහෙද මේ අයගෙන් කවුරුවත් නැහැ නොවැ හොඳට ජීවත්වෙන කෙනෙක්... කිසිම හිතක් පපුවක් නැති විදියට මුළු නිවාඩු මාසයටම සල්ලි ගන්නවා. අරගෙන ඒ කාලේ ‘‘ට්‍රිප් හයර්" දුවලා හම්බකරනවා...! ශුද්ධ ලාභයි ඇහුවොත් කියාවි ෆිනෑන්ස් තියනවා කියලා ඒවා තියෙන්නේ මේ අයට විතරද? මේ වගේ ඒවාට තමයි කැලෑ නීතිය හරි ඕන වෙන්නේ... නැත්නම් ජේ.ආර්. වගේ කොන්දක් තියන කෙනෙක්...
මේ සේවාව අපිට අවශ නැහැ.... ස්තුතියි..!!