
නයිජීරියාවේ, වයඹ දිග සම්ෆාරා ප්‍රාන්තයේ, ජන්ගබේ නගරයේ පාසල් නේවාසිකාගාරයකින් පැහැරගත් පාසල් සිසුවියන් 280 කට ආසන්න පිරිස නිදහස් කර ඇති බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසයි. ගැහැනු ළමයින් 279 දෙනෙකු නිදහස් කර ඇති බව සම්ෆාරා ප්‍රාන්ත ආණ්ඩුකාර බෙලෝ මතවාලේ නිවේදනය කළේය.
බටහිර අප්‍රිකානු රටක් වන නයිජීරියාවේ සිසු සිසුවියන් සමූහ වශයෙන් පැහැරගෙන යාමේ සිද්ධියේ ආසන්නතම සිදුවීම පසුගිය සිකුරාදා සිදුවිය. තුවක්කුකරුවන් විසින් රජයේ බාලිකා පාසලෙකින් ගැහැණු ළමයින්279 දෙනකු පැහැරගනු ලැබිණ. එහෙත් අද (අඟහරුවාදා) ලා නිල් පැහැති හිජාබ් වලින් සැරසී සිටින ගැහැනු ළමයින් සිය ගණනක් ගුසාවු ප්‍රාන්ත රජයේ නිවාස කාර්යාලයේ වාඩි වී සිටිනු දැක තිබේ.
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා!
පැහැරගත් ජී.ජී.එස්.එස්. ජන්ගෙබේ සිසුන් වහල්භාවයෙන් නිදහස් කර ඇතිබව නිවේදනය කිරීම සම්බන්ධයෙන් මගේ හදවත සතුටු වෙයි. මෙය අපගේ උත්සාහයන් සම්බන්ධයෙන් ඔවුනට එරෙහිව ඇති බාධක කිහිපයක් පිළිබඳ තක්සේරු කිරීමෙන් පසුව ඇතිවූ තත්ත්වයකි.
අපගේ දියණියන් දැන් ආරක්ෂිත බැවින් අප සමඟ ප්‍රීති වන ලෙස මම සියලුම යහපත් නයිජීරියානුවන්ගෙන් ඉල්ලා සිටිමි.“ යයි ආණ්ඩුකාර බෙලෝ මතවාලේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර අහවල් ජාතියේ අයගේ යුද්ධ.. කාලකන්නි...!!!