(අජිත්ලාල් ශාන්තඋදය, ලලිත් නවරත්න, දීපාල් ද සිල්වා, පාලිත ආරියවංශ, සුදත් එච්.එම්.හේවා, චාපා මධුභාෂිණී, කේෂර ගුණතිලක, ජේ.කේ.එල්.චාමින්ද සහ දිනේෂ් උපේන්ද්‍ර)
සබරගමු පළාතේ රත්නපුර සහ කෑගල්ල යන දිස්ත‍්‍රික්කවල පාසල් දරුවන්ගේ පැමිණීම ඊයේ(06) දිනයටත් වඩා අද(07) අඩු වූ බව සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහින්ද එස්. වීරසුරිය මහතා පැවසුවේය. නාගරික පාසල්වල 3%ක් සහ ගම්බද පාසල්වල 8%ක් වැනි ප‍්‍රතිශතයකින් පැමිණීම සටහන් වූ බවද ඔහු පැවසුවේය.
දිවයිනේ සියලු පාසල්වල 6 සිට 13 ශ්‍රේණිවල දෙවන වාරය සඳහා පාසල් ඊයේ (06) ආරම්භ කළද දෙවන දිනය වනවිටද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පැමිණීම එම තත්වයෙන්ම පවතින බවද, ගම්බද පාසල්වල සිසුන් සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට තිබූ බවද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවසීය.
එසේ වුවත් ඊයේ(06) දිනයට වඩා පාසල් ළමුන්ගේ පැමිණීමේ වර්ධනයක් අද(07) පැවති බව අම්බලන්ගොඩ කලාපයේ සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්බද පාසල්වල දක්නට ලැබුණු බව එම පාසල්වල විදුහල්පතිවරු පවසති.
ඊයේ(06) 10%ක් පමණ ළමුන් පැමිණි බවත් අද උදෑසන 20%ට වැඩි ප්‍රමාණයක් ළමුන් පැමිණි බව අම්බලන්ගොඩ, අදාදොළ ශ්‍රීපති මහා විද්‍යලයේ විදුහල්පති ජී. අයි. ද සොයිසා මහතා පැවසීය. මේ අතර නගරබද පාසැල්වල සිසුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණද ඊයේ දිනට සාපේක්ෂව වැඩි සිසුන් පිරිසක් පැමිණ සිටිබවද ඔවුහු පැවසූහ.
එසේම 1වන ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණය දක්වා පන්ති ලබන සඳුදා ආරම්භ කිරීමට තීරණය කිරීමත් සමඟ එම දරුවන්ගේ දෙමාපියන් ශ්‍රමදාන පවත්වා එම ගොඩනැගිලි හා අවට පරිසරය පවිත්‍රකිරීමට පියවරගෙන තිබේ.
මේ අතර හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ මුළු සිසුවියන් 1444 න් සිසුවියන් 57 පමණක් පැමිණි අතර අද දිනයේ එම පැමිණීම 109 දක්වා වැඩි වී ඇත. ඒ අනුව මැදිරිගිරිය ජාතික පාසලේ මුළු සිසුන් 3077 ගෙන් ඊයේ පැමිණ සිටියේ සිසුන් 164 කි. ඊයේ දිනයේ සිසුන් 234 සුළු වැඩි වීමක් වී තිබුණි.
හිඟුරක්ගොඩ රජරට විද්‍යාලවල ද සිසුන් 1890 ගෙන් ඊයේ පාසලට පැමිණ සිටියේ සිසුන් 149 වන අතර අද සිසුන් 202 දක්වා සුළු වැඩිවීමක් සිදුව තිබිණි. දිවුලන්කඩවල මධ්යන මහා විද්යා ලයේ ද මුළු සිසුන් 2300 ගෙන් ඊයේ පාසලට පැමිණ සිටි සිසුන් ගණන 230 වූ අතර අද දිනයේ එය 305 ක් සුළු වැඩි වීමක් තිබුණී.
එසේම මොනරාගල අධ්‍යාපන කලාපයේ රජයේ පාසල්වලට සිසුදරුවන් පැමිණීම අද (7) දිනයේත් බෙහෙවින් අඩුවී ඇති බවද පාසලට පැමිණ සිටියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 311ක් පමණක් බවද විදුහල්පති ඩී.එම්.පී බණ්ඩාර මහතා පැවසීය.
මේ අතර, දකුණු පළාතේ පාසල් දරු දැරියන්ගේ පැමිණීමේ සුළු වර්ධනයක් අද (07) දක්නට ලැබුණු බවද ගාල්ල නගරයේ පාසල්වල දරුවන්ගේ පැමිණීම ඉතා පහළ මට්ටමක පැවති බවද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වයි. වික්‍රමසිරි මහතා ලංකාදීපයට පැවසීය.
එසේම, කුලියාපිටිය පාසැල්වල සිසුන්ගේ පැමිණීම අද(07) අවම මට්ටමක පැවති බවත්, කුලියාපිටිය පොලිස් වසම තුළ පාසැල් සිසුන් 6.4%ක් පැමිණ තිබූ බවත් කුලියාපිටිය පොලිසිය කියයි.
(ඡායාරූප - දීපාල් ද සිල්වා)


(ඡායාරූප - පාලිත ආරියවංශ)



( ඡායාරූප - චාපා මධුභාෂිණී)



(ඡායාරූප - කේෂර ගුණතිලක)



COMMENTS
පාසල් පැමිණි සිසුන්ට, දෙමව්පියන්ට, ආරක්ෂක අංශවලට, ගුරුවරුන්ට සියලු දෙනාට පි ස්තූතිවන්ත විය යුතුයි....... මුහුණු පොතේ රඟ දෙන කාඩ්බෝඩ් වීරයන්ට මේ අය නියම උත්තරයක් දීගා තියෙනවා..... රට නැවත සක්‍රීය කරන්න අප හැම දෙනාගේ දායකත්වය අවශ්‍යයයි....
ජනතාවගේ ආණ්ඩුව ගැන තියෙන විශ්වාසය. ඊලග ඡන්දේ ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය
මේ වගේ නිවාඩු ලැබෙනවානම් මම නම් අයෙත් ඉස්කෝලේ යනවා.
ඉස්කෝලේ යවන දෙමාපියන් තීරණය කරන්න ඕනේ යවනවද නැත්ද කියලා මේ සතියේ.... ගුරුවරුත් භාගයකට උගන්වලා අනිත් අයට මොනවද කරන්න හදන්නේ?
මහා එවුන් දෙන්නම මුල හෝඩියේ ඉඳන් යැව්වා නම් හරියාවි
හැබැයි මටනම් තියන ප්‍රශ්නය ළමයින්ව පාසල් යවන්න බයයි ආරක්ෂාව මදියි කියන දෙමව්පියෝ කිසිම බයක් නැතුව ළමයින්ව ටියුෂන් පන්ති වලට නම් යවනවා. එතකොට ටියුෂන් පන්තිවලට ආරක්ෂාව ලැබෙන්නේ කොහෙන්ද ?
අම්මලා ළමයින්ට අනතුරක් වෙනවට බයේ ළමයිව පාසල් එවන්නේ නැත්තේ. ප්‍රවුර්ති වලට අනුව ලංකාවේ තව තවත් ඇතිවිය හැකි පිපිරවීම් නිසා ඉශ්‍රායලය තමන්ගේ වැසියන්ට ඉවත් වෙන්න කියලා, සවුදි අරාබියත් එහෙම කියලා, ඇමෙරිකානු රහස් ඔත්තු අංශත් ඒ ගැන අනතුරු හඟවලා. ඒ කියන්නේ ආණ්ඩුව ආරක්ෂාව ගැන උදව් ගන්න ඕන කියන රටෙනුත් එහෙම කියලා, යුරෝපයේ රටවල් බොහොමයක් තමන්ගේ වැසියන්ට ලංකාවට යන්න එපා කියලා. මෙහෙම තියෙද්දී ළමයින්ව ඉස්කෝලේ එවන්න කියන්නේ ළමයින්ව ඒ ප්‍රහාරයට හසුකරලා වෙන කෙනෙකුට වරද පටවලා ජනතාව උසිගන්වල ඡන්ද ගන්නද? නැතිනම් රටේ කලබගෑනියක් ඇතිකරලා හොර ඡන්ද දමාගන්නද? රටක මේ තරම් භයානක වාතාවරණයක් තියෙද්දී සමහර සුපිරි මාධ්‍යය වලට තියෙන ප්‍රශ්නේ තමයි ජනාධිපති ඉල්ලා අස්වෙන්නේ නැත්තේ ඇයි කියන එක. හැමෝම හදන්නේ කල දුටු කල වල ඉහගන්න. මේ පාසල් ඇරිල්ලෙන් රැකියාවට බියේ ගුරුවරු පාසල් එනවා. මතක තියාගන්න ඒ නිකන්ම නිකන් රුකඩ නොවෙයි, ඒත් රටේ දරුවන්ගේ අම්මලා තාත්තලා. දරුවෙක් අහිමිවුණා වගේම දරුවන්ට අම්මලා තාත්තලා අහිමි වුනත් ඒ ආනිසන්සේම තමයි.
ආරක්ෂක හමුදා විස්වාස කරලා ළමයි පාසල් එවන්න කියන මේ අවස්ථාවේ අනිසි බියක් ඇතිවන අන්දමට මාධ්‍ය මගින් දෙමව්පියන් දැනුවත් හොඳ මදි.
මෙච්චර කඩු තියෙද්දී........