රජයේ සහ අනුමත පාසල් කළින් සැලසුම් කළ ආකාරයට අඟහරුවාදා (27) සිට පැවැත්වෙන බව අධ්‍යාපන අමාතයංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
පාසලක එක පන්තියක සිසුන් 15ක් වනසේ කණ්ඩායම් වශයෙන් සිසුන් පාසල්වලට කැඳවන බව ලේකම්වරයා කියයි.
පාසල්වල සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට පාසල් බලධාරීන්ට උපදෙස් නිකුත් කර ඇති බවද අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේය.
COMMENTS
කණ්ඩායම් වශයෙන් සිසුන් පාසල්වලට ගෙනාවම සිලබස් කවර් කරන්න වැඩි කාලයක් (2 ගුණයක ) ඕන වෙනවා . එකට මොකද කරන්නේ ජිල් බෝල මාමේ ?
කැම්පස් ළමයි බේරලා පොඩි අය මැරුණාට කමක් නැද්ද? බලේ තියනකොට මෝලේ ...
ඉල්ලගෙන කන්න හදන්නේ හරිම මෝඩ තීරණයක් මේක
ඉන්දියාව වගේ වුණාම පාසල් ටික වහන්න මහත්තයෝ...ඉගන ගන්න කලින් ජීවිතේ රැකගන්න ඕන කියන එක තේරෙන්නේ නැද්ද මන්ද...අනික පොඩි ළමයිට තමා ඉක්මනින් ලෙඩ හැදෙන්නේ
කාරුණික ඉල්ලීමයි. දෙමාපියනි දරුවාට ආදරේ නම් පාසල් යවන්න එපා. පාසල් පොකුරු පාසලේ නමින් ලබන සතියේ සිට නිවුස්වලට දිය හැකියි. වග කීමෙන් කියන්නේ. ලමයා පාසලට යවනවා නම් ටියෂනුත් යවන්න. නීති කඩන්න වෙනවා. කණගාටුයි.
ඇත්තටම මේ වෛරස් ප්‍රභේදය පාසල් වලින් බෝනොවන විශ්ව විද්‍යාල වලින් උපකාරක පන්ති වලින් බෝවෙන වෛරස් ප්‍රභේදයක් ද?
එතකොට ත්‍රිකුණාමලය මේ රටේ නොවේද...
ජී.එල්. පීරිස් මෙහි වගකීම ගත යුතුයි.
රටේ ආර්ථිකය, අධ්‍යාපනය නිසිපරිදි රැකෙන්න නිරොගී ජනතාවක් සිටිය යුතුබව නොතේරෙන පාලනයක්... නීරෝගී නොවන රටක් කඩා වැටෙන හැටි ඉන්දියාවෙන් දැන් පේනවා. අන්තිමට ජනතාවට බනී.. හරියට පරිස්සම් වුණේ නැහැ කියලා. රටේ පාලනයට ජනතාව කීකරු නම් හමුදාව පොලිසිය ඕනේ නැහැනේ... ඔහේ හිටු කියලා පලනය කරන්න තිබුණා.
අනේඔයා මේ මොනවාද කියන්නේ අන්න පාසල් වහගෙන වහගෙන යනවා.... ඔයාලාගේ කට වචන වලින් වෛරසය නවත්තන පුළුවන් කියලාද හිතන් ඉන්නේ?