
(යොහාන් භාසුර)
සංචරණ සීමා මේ ලබන 31 වැනිදා දක්වා දීර්ඝ කිරීම නැවත පාසල් ආරම්භ කිරීමට හෝ ගුරුවරුන්ට පාසල්වලට වාර්තා කිරීමට කිසිඳු බාධාවක් නොවන බවත් ගුරුවරුන්ට සේවයට යෑම සනාථ කර බාධාවකින් තොරව ප්‍රවාහන පහසුකම් ලබාගත හැකි බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාසල් කටයුතු) එල්. එම්. ඩී. ධර්මසේන මහතා ‘ලංකාදීප’යට පැවසීය.
දරුවන් 200 ට අඩු පාසල්වලින් වැඩි සංඛ්‍යාවක් ගම් ප්‍රදේශවල පිහිටි පාසල් වීම නිසා සංචරණ සීමා පිළිබඳව විශාල ගැටලුවක් ඇති නොවනු ඇති බවත් ඒ අනුව පළාත් අතර මාරුවීමට සිදුවන ගුරුවරුන් සංඛ්‍යාව ඉතාමත්ව අඩු බවත් ධර්මසේන මහතා කීය.
අද (21) දරුවන් 200 ට අඩු පාසල්වල ප්‍රාථමික අංශයේ පංති පමණක් ආරම්භ කරන බව කී එල්. එම්. ඩී. ධර්මසේන මහතා ඉන් පසුව උසස් පෙළ සහ ශිෂ්‍යත්ව යන පංති ආරම්භ කිරීමට සැළසුම් කරමින් සිටින බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
762
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
572
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාසල් විවෘත කිරීමට සංචරණ සීමා බාධාවක් නෑ
Kumara Wednesday, 20 October 2021 02:08 PM
පාසැල් ආරම්භ කිරීම හොදයි. ඒත් කොවිඩ් වල බරපතලකම ගැන හෝ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමේ වැදගත්කම ගැන වටහාගන්න තරම් නොමේරූ ප්‍රාථමික පංතිවල පුංචි එවුන් මුලින් ම ගේන්න ගත්තු තීරණය නම් එච්චර බුද්ධිමත් එකක් නෙවෙයි.
anaWednesday, 20 October 2021 06:12 PM
අරමුණ වෙන එකක්නේ මල්ලී....
ගජමිතුරු Wednesday, 20 October 2021 02:30 PM
පොලිස් ඇමතිටත් ,පොලිසියටත් මතක් කරන්න හොදේ
Buwa Wednesday, 20 October 2021 03:43 PM
එතකොට සංචරණ සීමා දාල තියෙන්නෙකොහේටද
L.G.P.Jathunarachchi. Thursday, 21 October 2021 11:22 AM
ඔව්, ඔව්, ඇයි නැත්තේ ????
chandana Thursday, 21 October 2021 03:17 PM
සිසුන් 200 ට අඩු දරුවන් සිටින පාසැල් වලට වෙනත් පළාතක ඉදලා දුර බැහැර ගෙවාගෙන එන ළමයි හෝ ගුරුවරු නැතුව ඇති කියලා දැනෙන්නේ මට විතරද.