(යොහාන් භාසුර)

සංචරණ සීමා මේ ලබන 31 වැනිදා දක්වා දීර්ඝ කිරීම නැවත පාසල් ආරම්භ කිරීමට හෝ ගුරුවරුන්ට පාසල්වලට වාර්තා කිරීමට කිසිඳු බාධාවක් නොවන බවත් ගුරුවරුන්ට සේවයට යෑම සනාථ කර බාධාවකින් තොරව ප්‍රවාහන පහසුකම් ලබාගත හැකි බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාසල් කටයුතු) එල්. එම්. ඩී. ධර්මසේන මහතා ‘ලංකාදීප’යට පැවසීය.

දරුවන් 200 ට අඩු පාසල්වලින් වැඩි සංඛ්‍යාවක් ගම් ප්‍රදේශවල පිහිටි පාසල් වීම නිසා සංචරණ සීමා පිළිබඳව විශාල ගැටලුවක් ඇති නොවනු ඇති බවත් ඒ අනුව පළාත් අතර මාරුවීමට සිදුවන ගුරුවරුන් සංඛ්‍යාව ඉතාමත්ව අඩු බවත් ධර්මසේන මහතා කීය.

අද (21) දරුවන් 200 ට අඩු පාසල්වල ප්‍රාථමික අංශයේ පංති පමණක් ආරම්භ කරන බව කී එල්. එම්. ඩී. ධර්මසේන මහතා ඉන් පසුව උසස් පෙළ සහ ශිෂ්‍යත්ව යන පංති ආරම්භ කිරීමට සැළසුම් කරමින් සිටින බව ද සඳහන් කළේය.