IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


පාසල් මැයි හත දක්වා වසා තැබේ

(අජන්ත කුමාර අගලකඩ සහ තිළිණි ද සිල්වා)

දිවයිනේ සියලු පාසල් මැයි හත් වැනි දා දක්වා තව දුරටත් වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

කොරෝනා වයිරසය ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය කර ඇත.

සෞඛ්‍ය බලධාරීන් සමග අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ අනවු රජයේ පාසල්,කතෝලික පාසල්, පෞද්ගලික පන්ති, පිරිවෙන් ඇතුළු අධ්‍යාපන ආයතන මෙසේ වසා තැබෙනු ඇති.

කෝවිඩ් -19 වයිරසය රටපුරා ව්‍යාප්තවීම හේතුවෙන් සියලුම පාසල් අප්‍රේල් 30  දක්වා වසා තැබීමට මීට පෙර තීරණය කර තිබුණි.  රටේ පවතින තත්ත්වය තව දුරටත් සැලකිල්ලට ගත් අධ්‍යාපන අමාත්‍යවරයා, අධ්‍යාපන බලධාරින් හා සෞඛ්‍ය අංශ එක්ව සිදු කළ සාකච්ඡාවකින් පසු ලබන සතියත් පාසල් වසා තැබීමට තීරණය කර ඇත.



අදහස් (4)

පාසල් මැයි හත දක්වා වසා තැබේ

pradeepa Saturday, 01 May 2021 07:14 AM

අපේ සරුත් ෆේල්... අපේ ළමයිනුත් ෆේල්... කවදා අපේ රටට වාසනාව උදාවෙයිද මන්දා..

:       5       13

මුණසිංහSaturday, 01 May 2021 04:26 PM

අනුන්ගේ පානෙන් එළිය බලන්න හැම තිස්සෙම බලාගෙන ඉන්න අපේ ජනතාවත් ෆේල්...

:       0       0

jagath Saturday, 01 May 2021 10:48 AM

බොහෝ දෙනෙක් අද පාසල්, විශ්ව විද්‍යාල වසා තැබීම හෝ විවෘත කිරීම පිලිබඳව රජයට තීරණ ගත නොහැකි යයි දොඩවමින් සිටිනවා. වසංගත තත්වයකදී පාසල් විවෘත කිරීම පිලිබඳව තීරණය කල යුත්තේ වසංගතයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් පමණි. රටේ මිනිසුන් සෞඛ්‍ය නීති නිසි පරිදි පිළිපදිනවා නම් වසංගතය පාලනය කර ගත හැකි වන අතර, පාසල්ද විවෘත කල හැක.

:       0       0

raveendra Saturday, 01 May 2021 01:23 PM

වහන්න නැකත එනකන් ඉඳලා තියෙන්නේ අපේ සර්ලා. මගුල් ගෙවල් තහනම් කරන්නේ හතර වෙනිදා ඉඳන්. එතකන් තියෙන ඒවාගෙන් කොරෝනා බෝ වෙන්නේ නෑ කියලා ෂුවර්ලු. සර්ලා නෙමෙයි ෆේල්. රටේ මිනිස්සු. හැබැයි සර් ෆේල් කියලා ඇහෙද්දී කුලප්පු වෙන වහල්ලු නම් ඉන්නවා අන්ලයික් දාන්න පෝලිමට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 105 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 256 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 600 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site