(සුජිත් හේවාජුලිගේ)
පාසල් ලබන සතියේ විවෘත කිරීමට නියමිත හෙයින් දරුවන්ට සහන මිලට මුව ආවරණ ලබා දීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් මුව ආවරණ නිෂ්පාදනය කරන නිෂ්පාදකයන් සමග තමා සාකච්ඡා කරන බව පැවසූ ඇමැතිවරයා දරුවන්ට සහන මිලට මුව ආවරණයක් ලබා දුනහොත් එය මවුපියන්ට ලොකු සහනයක් වනු ඇති බවත් සඳහන් කළේය .
COMMENTS