
(එම්. සුසිල් ප්‍රියන්ත)
පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පාසල් වේලාවෙන් බැහැර ක්‍රීඩා පුහුණුවීම සදහා ලංගම බස්වලින් යාමට මගී ප්‍රවාහන ගමන් වාර ප්‍රවේශපත්‍රයක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (14) පස්වරුවේදී අම්බලන්ගොඩදී පැවසීය.
අම්බලන්ගොඩ පැවති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවකදී රාජපක්ෂ මහතා එසේ කීවේය.
එහිදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීවේය.
"පාසල් ක්‍රීඩාව දියුණු කරන්න අපි පියවර රැසක්ම ගෙන තිබෙනවා. පාසල්වල ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රීඩා භාණ්ඩ ලබාදීම ඒ අතරින් ප්‍රධානයි. ඒ වගේම පාසල් ක්‍රීඩකයින්ට ක්‍රීඩා පුහුණුවීම් සදහා ලංගම බස් වලින් ඒමට වාර ප්‍රවේශ පත්‍රයක් ලබාදීමට කටයුතු කරනවා. ඒ සදහා ප්‍රවාහන අමාත්‍යතුමා සමගත් සාකච්චා කරලා ඉදිරි පියවර ගන්නවා."
"පාසල් ක්‍රීඩාව දියුණු කිරීම අපේ වගකීමක්. ඒ නිසා ඒ වෙනුවෙන් ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. පාසල් ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙවෙයි හැම පාසල් ක්‍රීඩාවක්ම දියුණු කරන්න අපි කටයුතු කරනවා. සෑම පාසල් ක්‍රීඩයකුගේම විනය ඉතාම ඉහලින් තිබිය යුතුයි. විනයක් නැතිව පාසල් ක්‍රීඩාව ඉදිරියට ගෙන යන්න බැහැ" යයිද රාජපක්ෂ මහතා කීවේය.
COMMENTS
නිදහස් ප්‍රවේශ පත්‍ර වලින් යන්න බස් තියෙන්න එපැයි. යථාර්ථය නොදන්න මිනිස්සු රට පාලනය කරන්න ගත්තාම ඔහොම කතා කියනවා තමයි.
අගය කළයුතු කටයුත්තක්....මොකද කාටත් නොපෙනෙන පැත්තක් මේ දේ... ජයවේවා..!!
හැබැයි, අපි දන්නා දන්නා අයට කියන්නේ ආයේ කවමදාකවත් රාජපක්ෂලාට චන්දය දෙන්න එපා කියලා. ඒක ස්ථිරයි..!!! මැදමුලන කට්ටිය මේ රට නැත්තටම නැතිකළා. විනාශ කළා. පිටරට චීන්නුන්ට වික්කා. එ් නිසා ආයේ ඡන්දෙ නැහැ.