(බන්ධුල ඉලේපෙරුම)
නව වසර සඳහා පාසල් නිල ඇඳුම් ලබාදීම පාසල් ආරම්භ කළ වහාම සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය් ජී.ඇල් පීරීස් මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයක් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාසල්වලට නිලඇඳුම් ලබාදීම පිළිබඳ ප්‍රශ්න කළ අතර, ඊට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.
පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාදීම මෙතෙක් සිදුකර නොමැති බවට විපක්ෂනායකවරයා මේ අවස්ථාවේදී අධ්‍යාපන අමාත්‍යාංශයට චෝදනා කළේය.
ඊට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ අමාත්‍ය ජී.ඇල් පීරිස් මහතා පැවසුවේ දිස්ත්‍රීක් 05/06 ක් සඳහා මේවන විට නිල ඇඳුම් ලබාදී අවසන් බවයි. පාසල් විවෘත නොකර නිල ඇඳුම් ලබාදෙන්නේ කෙසේදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටියේය.
නිල ඇඳුම් ලබාදීමේ වැඩසටහන ක්‍රමවත්ව ක්‍රියාත්මක බවත්, පාසල් ආරම්භ නොකර නිල ඇඳුම් ලබාදීම ප්‍රායෝගික නොවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
පළමු ශ්‍රේණියේ සිට එකළොස්වැනි ශ්‍රේණිය දක්වා සියලුම පෙළපොත් මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලවෙබ් අඩවියට යොමුකර ඇති අතර, පාසල් ආරම්භ කළ වහාම, නව වසරට අවශ්‍ය පෙළපොත් සියල්ල සිසු සිසුවියන් වෙත ලබාදෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’පාසල් ඇරඹුණු වහාම නිල ඇඳුම් දෙනවා’
දිමුත් Wednesday, 06 January 2021 11:39 AM
මොනවද අනේ මේ කතා? අභ්‍යාස පොත් දුන්නේ පාසල් විවෘත නොකරනේ? ඉතින් නිල ඇඳුම් දෙන්න බැරි ඇයි?
NuwanWednesday, 06 January 2021 12:00 PM
ගරු ප්‍රේමදාස මැතිතුමාට පින් සිද්ද වෙන්න ඕනෑ. මොනවා කිව්වත් ඒ මනුස්සයා හිටියා නම් හැම ළමයෙකුටම ලැප් ටොප් එකක් දීලා මේ වෙනකොට ගෙදර ඉඳන් ඉගෙන ගන්න.
Rata Perata Thursday, 07 January 2021 07:46 AM
අනේ මෙහෙමත් අය...