(රංජන් කස්තුරි)
පාසල්වල ආරක්ෂක කටයුතු වෙනුවෙන් මින් ඉදිරියට දෙමාපියන් සම්බන්ධ කරගැනීමට අවශ්‍ය නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
පාසල් සිසුන්ට විනිවිද පෙනෙන පාසල් බෑග ගෙන ඒමට බලකරමින් දෙමාපියන් අපහසුතාවට පත්වන අන්දමින් කටයුතු නොකරන්නැයි විද්‍යාලවලට දන්වන බවද එම අමාත්‍යාංශය පවසයි.
දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය යොදවා ඇති බවද ඒ අනුව දෙමාපියන් පාසල්වලට කැඳවීම අනවශ්‍ය බවද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
පාසල්වල ආරක්ෂක කටයුතු වෙනුවෙන් ඇතැම් අවස්ථාවල ගැබිනි මාතාවන් පවා ගෙන්වා තිබෙන බවද, වෙනත් කරුණු සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇතැයිද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
COMMENTS
කොහේ තියෙන පාසල්වලටද ඔය කියන අය දාලා තියෙන්නේ. ලොක්කන්ගේ දරුවන් යන පාසල්වලට විතරයි. අනේ අම්මේ තාත්තේ කම්මැලි නැතිව තව ටික දවසක් පාසලට ගොස් ආරක්ෂාව දෙන්න.
ත්‍රිවිධ හමුදාවෙ අය නිවාඩු යන්නෙ නැද්ද.. ඒ අයට දරු පවුල් නැද්ද ..
මම නම් දකින්නේ නැ පාසල් වල කිසිම ආරක්ෂාවක් තියෙනවා කියල. එක පොලිස් නිලධාරියෙක්වත් නැති පාසල් ඕනෑතරම් මම දැකල තියෙනවා. ඒවා දිවා රෑ දෙකම ආරක්ෂා කරන්නේ දෙමව්පියන් මිසක් ඔය කියන නිලධාරීන් නෙවේ.
කිසි කෙනෙක් වගකීමක් නොගන්න රටක්........එහෙම ආරක්ෂාවේ ප්‍රශ්නයක් නැත්නම් චක්‍රලේඛයක් හෝ පුවත්පත් නිවේදනයක් දාන්න ඕන. විදුහල්පතිවරුන්ට පාසල්වල වගකීම පවරලා චක්‍රලේඛයක් ගැහුවා වගේ. මේකෙන් වෙන්නේ දෙමාපියොයි ගුරුවරුයි අතරෙ ප්‍රශ්න ඇති වෙන එක විතරයි.......
දැං අර දෙන්නා සාක්ෂි දෙන විදියට මේ වෙච්චි ප්‍රහාරය වගකවයුත්තන් දැන දැන අපේ අහිංසක මිනිසුන් මරැ කටට යන තුරු බලා සිටීමක් බව පේනවා. එහෙම එකේ අපේ අහිංසක ළමයි බිල්ලට දීල මේ පිරිස කියයි අපිට කියුවෙ නැ අපි දන්නේ නෑ මෙච්චර දෙයක් වෙයි කියල හිතුවෙ නෑ කියල. අනේ නුඹලා කට වහගෙන මේ ඉතිරි මාස ටික හිටපියව් අපේ ලේ පුච්චනනේ නැතුව.
මටත් කියන්න තියෙන්නේ මේ ටිකම තමයි... අපේ පාසල් වලට තමයි ආරක්ෂාව නැත්තේ...... ආරක්ෂක අංශ දාලා අපි ඒ දරුවෝ රකිනවා.... අපේ ළමයි රකින්න බැරිද
බෝම්බ පුපුරන බව දැන දැන සද්ද නැතුව ඉඳලා මිනිස්සු මැරෙන්න ඇරපු අය නේද මේ කියන්නේ පාසල් ආරක්ෂාවට දෙමවුපියන් යන්න ඕනේ නැහැ කියලා.
මේ තමන්ට ළමයි නැති නායකයින්ට තියන ලොකුම අමාරුව අපේ දූ දරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන එක. අහුවෙන්න එපා ආයෙමත්..