ඩයනා උදයංගනී
වසර ගණනක් තිස්සේ පාඩු ලැබූ ලංකා පොස්පේට් සමාගම යළිත් ලාභ ලබන තත්වයට ගෙන ඒමට තම අමාත්‍යාංශය යටතේ හැකිවූ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
කුමන අමාත්‍යාංශයක් යටතේ වුවද එම සමාගම වඩා වඩාත් දියුණු වෙමින් සාර්ථකත්වයට පත්වෙනු දැකීම තම බලාපොරොත්තුව බව ද ඇමතිවරයා සඳහන් කරයි.
පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පැවරීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇමතිවරයා මේ බව පවසා තිබේ.
එහි මෙසේ ද සඳහන් වේ.
1974 දී ආරම්භ කළ ලංකා පොස්පෙට් ආයතනය එකල පැවතියේ භූ විද්‍යා හා පතල් කාර්‍යාංශය යටතේය. ජාතියට අගනා දායාදයක් වූ එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව ලංකා පොස්පේට් සමාගම 1991 වසරේදී සමාගමක් බවට පත්කොට ජාතික ආර්ථිකය ශක්තිමත් කළ හැකි පරිදි යොදා ගැනීමට සැළසුම් කොට තිබූ වටිනා සම්පතකි.. 2000 වසරේදී පෞද්ගලික සමාගමකට කුණු කොල්ලයට විකිණීමට යෝජිතව තිබු ලංකා පොස්පේට් සමාගම රජරට ජනතාවගේ සහ සමස්ත ශ්‍රී ලාංකීය දේශමාමක ජනතාවයේ කැපවීමෙන් ඓතිහාසික නඩු තීන්දුවක් මගින් නැවත රාජ්‍ය ව්‍යවසායක් බවට පත්විය. එදා පටන් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ ලංකා පොස්පේට් සමාගම 2015 යහපාලන ආණ්ඩු සමයේ දුමින්ද දිසානායක කෘෂිකර්ම අමාත්‍යවරයා යටතේ කෘෂිකර්ම අමාත්‍යංශයට ගැසට් කොට තිබිණි. ඊට හේතු වූයේ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ දිස්ත්‍රික්කයේ මෙන්ම ඔහු නියෝජනය කළ ආසනයේම ලංකා පොස්පේට් සමගම පිහිටා තිබීමය.
2015 සිට 2020 වසර දක්වා ක්‍රමයෙන් පාඩු ලබන තත්වයට පත්වෙමින් තිබූ ලංකා පොස්පේට් සමාගම 2020 අවසන් කාර්තුවේ සිට කර්මාන්ත අමාත්‍යංශය යටතේ අමාත්‍යවරයා ලෙසත් ලංකා පොස්පේට් සමාගමේ සභාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ කැපවීම නිසාත් නැවත ලාබ ලබන තත්වයට ගෙන ඒමට හැකියාව ලැබිණි. එප්පාවල පොස්පේට් සමාගමේ නව සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය පත් වීමෙන් පසු අමාත්‍යාංශ ලේකම්තුමන් ද සහභාගී කරවාගෙන සාකච්ඡා ගණනාවක් පවත්වා එප්පාවල පොස්පේට් නිධියෙන් රටටත්, ගොවි ජනතාවටත් උපරිම ඵලයක් ලබා දීම පිණිස කටයුතු කළෙමි. ඒ අනුව එප්පාවල පොස්පේට් පොහොරවලට වටිනාකමක් එකතු කිරීමත්, කාබනික පොහොරවල ඇති පොස්පරස් ඌනතාව වැළැක්විය හැකි ‘එප්පාවල රොක් පොස්පේට් (ඊ.ආර්.පී) ඇසුරුමක්’ හඳුන්වාදීමටත් තීරණ කළෙමි. එප්පාවල රොක් පොස්පේට් වෙනත් පොහොර නිෂ්පාදකයන්ට තොග වශයෙන් ලබා දීම නතර කර ඊට අගයක් එකතු කර ‘සුපර් පොස්පේට්’ පොහොර නිෂ්පාදනය කර ලංකා පොස්පේට් සමාගම මගින්ම අලෙවි කිරීම ආරම්භ කිරීම ද එම කාලවකවානුව්දී සිදු විණි.
කොවිඩ් වසංගතයත් සමඟ සෞභාග්‍යයේ දැක්ම අනුව ගෙවතු වගා සංග්‍රාමයක් අරුඹූ මොහොතේ කාබනික පොහොර සඳහා ඉතා විශාල ඉල්ලුමක් ඇතිවූ අවස්ථාවේ අපට අපේ දෙවන තීරණය කඩිනමින්ම ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබිණි. ‘අපිට පොහොර - අපිම හදමු’ තේමාව යටතේ කාබනික පොහොර කිලෝ 20කට එකතු කළ හැකි එප්පාවල රොක් පොස්පේට් (ඊ.ආර්.පී) කිලෝ 01ක පැකට්ටුවක් ‘එප්පාවල පොහොර’ නමින් හඳුන්වා දීම සිදුකිරීමටත් අපට හැකියාව ලැබිණි.. සාමාන්‍ය වෙළදපොළේ මිල රුපියල් 30ක්ව පැවති එම පොහොර අප ලබාදුන්නේ රුපියල් 10කට ය. ඒ අනුව අපට රසායනික පොහොර වෙනුවට ‘සවිබල ගැන්වූ කාබනික පොහොර’ ගොවි ජනතාවට හා ගෙවතු වගාවෙහි නිරත පිරිස්වලට ලබා දීමට හැකිව ලැබිණි. කාබනික පොහොරවල නයිට්‍රජන් හා පොටෑසියම් සංඝටක ප්‍රමාණවත් ලෙස තිබෙන නමුත් පොස්පරස් සංඝටකය අවම වීම අප හඳුන්වා දුන් එප්පාවල පොහොර මිශ්‍රණයෙන් මඟ හරවා ගැනීමේ හැකියාව ලැබිණි. එමගින් ආනයනික පොහොර සදහා වසරකට වැයවන රුපියල් බිලියන 33ක මුදල රට තුළම ඉතිරි කර ගැනීමේ ඉඩකඩ නිර්මාණය වීමට මෙම තීන්දුව මූලික පසුබිම සැකසුවේය.
එතැනින් නොනැවතුණු ලංකා පොස්පේට් සමාගම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, වෛද්‍යවරුන් සහ පර්යේෂකයන් එක් කරගනිමින් ''ජෛව හරිත පොස්පේට්(BIOGENIC MICROBIAL PHOSPHATE) '' නිෂ්පාදනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය ඇරඹීමට තීරණය කොට ඒ වෙනුවෙන් අවශ්‍ය පර්යේෂණ කටයුතු ඇතුළු නිෂ්පාදනයට අවශ්‍ය සියලු පසුබිම සකසා අවසන් කොට ජනගත කිරීමට සුදානමින් සිටියත් කොවිඩ් අර්බුදය සමග අවස්ථාi කිහිපයකදී එය ප්‍රමාද විණි. නමුත් මෙම මස 23 වනදා අමාත්‍යාංශයේදී ''ජෛව හරිත පොස්පේට්'' පොහොර ව්‍යාපෘතිය ආරම්භ කිරීම සහ පවත්වාගෙන යෑම පිළිබදව එකගතා ගිවිසුම අත්සන් තැබීම සිදු කිරීමට නියමිතව තිබිණි.
කර්මාන්ත ඇමතිවරයා වශයෙන් වසර එකහමාරකට ආසන්න කාලයක් ලංකා පොස්පේට් සමාගමට ඔවුන්ගේ කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය සහයෝගය හැකි හැම ආකාරයෙන්ම ලබාදුන් අතර එම ආයතනයේ පරිපාලනයට හෝ ක්‍රියාවලියට කිසිදු ආකාරයේ බලපෑමක් සිදු නොකර සාර්ථකව ආයතනය ගෙන යාමට සහයෝගය ලබා දුන්නෙමි. අඩුම තරමින් එම කාලය තුළ කිසිදු නව සේවකයෙක් හෝ එම ආයතනයට පත් නොකළ අතර ආයතනය තුළ පවතින ක්‍රියාදාමයට කිසිදු බලපෑමක් නොකිරීමට පියවර ගනු ලැබුවෙමි. ඊට අමතරව ලංකා පොස්පේට් සමාගම සමග එක්ව ඉදිරි වසර කිහිපය තුළ නව ව්‍යාපෘති කිහිපයක්ම ඇරඹීමට සැළසුම් කරමින් තිබිණි.
කුමන අමාත්‍යාංශයක් යටතේ වුවද ජාතියට දායාදයක් වූ, අනාගතයට ආයෝජනයක් වූ එප්පාවල පොස්පේට් නිධිය සහ ලංකා පොස්පේට් සමාගම වඩා වඩාත් දියුණු වෙමින් සාර්ථකත්වයට පත්වෙනු දැකීම මාගේ අභිප්‍රායයි. අප විසින් 2020/2021 වසරේ ලාභ ලබන තත්වයට ගෙන ආ ලංකා පොස්පේට් සමාගම ඉදිරියටත් ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායක් ලෙස පවත්වාගෙන යනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු..!

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාගම් පාලනය කරන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් නේද? අනික ඔය ලාබ පාඩු ගැන හොඳ උදාහරණයක් තමයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. ගිය අවුරුද්දේ ලාබයි ලාබයි කියලා බෙරිහන් දුන්නා. දැන් අඬනවා. තව අර හයිලන්ඩ් එකත් මුල් මාස හතේ ගිණුම් ආණ්ඩුවේ අයවැය ලේඛනය ඉදිරිපත් කරන කොට කියනවා පාඩුයි කියලා.... මෙන්න ඊළඟ මාසේ මාස 08ට ලාභය ඉතිහාසගත ගාණක්. අන්තිම මාසේ වැඩ කරන අයගෙනුත් කිරි දොවලා වගේ. ඉතින් ගණකාධිකාරී ශිල්පය කියන්නේ ඕක තමයි. ඕනෑ නම් කොලේ වහලා ගහන්නත් පුළුවන්...!!!
දක්ෂකම යනු නුසුදුසුකමක් බව තවමත් නොතේරිණිද? යමෙක් දක්ෂ නම් ඒ තැනැත්තාට උරුම වනුයේ ස්ථාන මාරු, වැටුප් වර්ධක අත්හිටුවීම, විනය පරීක්ෂණ සේවය අවසන් කිරීම වැනි දේ... ඒ වගේමයි ඕනෑම දේකදී කලමණාකරණය හොඳ නම් මාරු කරන්නම ඕනේ. මේක අපේ රටේ මූලධර්මයක්... ලලිත්ලා, ගාමිණීලාට වුණු දේ මතකයිනේ. අදක්ෂකම මූලිකම සුදුසුකමයි...
ලාබ ලබනවා කියන්නේ ලොකු ගානකට කොම්පැනිය විකුණලා දාන්න පුළුවන්. දෙයියන්ගෙ පිහිටයි ඉතින්....!!!
මේ කණ්ඩායම බලයට ආවේ මොන මොන දේවල් කියලද? ඒත් දැන් මණ්ඩලේ කචල්.. කරන්නේ කියන්නේ මොනවද කියා ඒ අයම දන්නේ නැහැ. බොරුව, වංචාව හා කපටිකම කාලයක් සඟවාගෙන ඉන්නට පුළුවන්. ඒත් හැමදාම බැහැ. ඇත්ත හෙළිවෙනවා. ඔන්න දැන් ඒ කාලේ තමයි ඇවිල්ලා තියෙන්නේ. " ගලෙන්ම ඇතිවී ඒ ගල කා විනාශකර දමන දියමන්තිය මෙන් අනුවණ පුද්ගලයාගේ සිත තුළ පවතින මෝඩකම නිසා එම පුද්ගලයා විනාශ වන්නේය..."
ඔබතුමා තමයි ලෝක වෙළෙඳපලේ තෙල් මිල ඉහළ යනකොට ලංකාවේ මිල ඉහළ නොයන්න ලෝක වෙළෙඳපලේ ප්ලග් එක ගැලෙව්වෙත්.. ඒක ලොකු දෙයක්...!!!
පොස්පේට් සමාගම අහිමි වීම නිසා මෙයාට කොච්චර ලොකු ධනස්කන්ධයක් හම්බ කරන්න තිබුණු අවස්ථාවක් ද මේ නැතිවුණේ කියලා අඳෝනාව කරන විදිහෙන්ම පේනවා. ඔය තරම් රට ගැන කැක්කුමක් තියෙන මිනිහා, රටේ මිනිස්සු මේ තරම් අසරණ වෙලා ඉන්න වෙලාවේ මොකටද හැංගිමුත්තන් කෙළින්නේ! සර්ව ගේන්න වේදිකාවක් වේදිකාවක් ගානේ යටිගිරියෙන් මොරදීලා රටේ මිනිස්සු ගොනාට අන්දපු නුඹලා වැන්නවුන්ට මොන විදිහේ මරණයක් අත්වෙයිද කියලා තමයි මට නම් බය!!!
ඔබට සුබපැතුම්... !!! බුදුසරණයි..!!!
ස්තුතියි සර්...!!!
වැඩිය කතා කළොත් අනික් කෑලිත් ගැලවිලා යයි... පරෙස්සමෙන් වංශ කොල්ලෝ...
එක පවුලක් රට බාරදීමෙන් අප ලැබු අනිටු ප්‍රතිවිපාක ඔබටත්, මටත් අත්විඳීමට ලැබී ඇති මේ මොහොත දැන් සැපැයි ඉවසා සිටිමු.. වැඩිකලක් නම් බෑ පුතේ...
හුරේ.., ඒකෙ වැඩකරන අය ගොන්නු වගේ බලන් ඉද්දී මෙයා තමයි සේරම කරලා තියෙන්නේ...
ඔයාට තේරෙන් නැද්ද? ඔයාටයි, ගම්මන්පිලටයි ආණ්ඩුව ඇතුලෙන්ම කැපිල්ලක් යනවා. නම්බු පිටින් එළියට බැස්සා නම් තමයි හොඳ...
ලංකාවේ රජයේ ඕනම ආයතනයකට ලාභ ඉපැයිය හැකිය. ඇමැතිවරුන්ට වඩා බලවත් පරිපාලන මඩුල්ලක් විතරයි ඕනේ... එතකොට ඇමැති කියා වැඩ නොකර ලාභ උපැයිය හැකියි. මේක හොඳ උදාහරණයක්..
දැන් ඔබට තේරුණාද ඔබ කළ දේ දුරදිග නොබලා ඔබේ වාසියට ඔබ රාජපක්ෂලාට කඩේ ගියා. දැන් එයාලට ඔබව ඕනෑ නැහැ. ඕනෑ තරම් ඉන්නවා කඩවල්වල යවන්න.
විමලේ ඔයාට තියෙන්නේ වැසිකිළි වලක කට ඔබා ගන්න එක තමයි.
ඔව්, ඔය කරපු දේවල් අපි දන්නවා. අනේ මෙයාගේ කට...
මේ වාචාලයින් ඔහේ සාටකේ එල්ලිලා කරපු වැඩ අපි දන්නේ නෑ කියලා හිතන්න එපා. අද ඔය දේපළ තියාගෙන සුපිරි ජීවිතයක් ගෙවන්නේ ජනතාව දෙන පඩියෙන් ඉතුරු කරලද?
"මූල්‍ය විනයක් නොමැති බවත්, අමාත්‍යවරයා විසින් තමා වෙත ලබාදෙන නීති විරෝධී නියෝග පිළිපැදීමට නොහැකි බවත්" කියමින් ඔහුගේ අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා ඉල්ලා අස්වෙලාලු නේද?
රාජපක්ෂලාගේ පොහොට්ටුව නොමැතිව තනියෙන් ඡන්දෙ ඉල්ලුවොත් ඔබ සම්පූර්ණයෙන් අනාථවෙනවා. ඔබ ඉස්සරහට දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන නඩු ටිකෙන් නිදහස් වෙන්න බලන්න. වැඩිපුර මාධ්‍ය හමු තියන්න එපා.
සර්ගේ මගපෙන්වීම මත මම මෙම ව්‍යාපාරය ලාභ ලබන තත්වයට ගෙනාවා කියලා කියන්න. නැතිනම් ඔබගේ තවතව කෑලි ගැලවෙයි.