IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පාස්කු ප්‍රහාර විමර්ශනයේ ජනාධිපති කොමිසම මැතිවරණ ක්‍රමයේ දුර්වල කපොලු සොයාගනී

(අජන්ත කුමාර අගලකඩ)

මහ මැතිවරණයකදී 50% වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා පක්ෂයකට වැඩි බහුතරයක් ලැබෙන මැතිවරණ ක්‍රමයක් කල්තියාම නිර්මාණය කළ යුතුවන අතර සුළුතර කණ්ඩායම් වලට නිසි නියෝජනයක් ලැබෙන බවට සහතික විය හැකි යයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව සිය වාර්තාවෙන් නිර්දේශ කර ඇත.

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ස්ථාවර රජයක් අත්‍යවශ්‍ය බවද එම වාර්තාවේ සඳහන් වේ.

මැතිවරණයට නාමයෝජනා පත්‍ර ඉදිරිපත් කරන ප්‍ර දේශයෙන් සුළුතර කණ්ඩායම් වල අපේක්ෂකයන් සංඛ්‍යාවක් දේශපාලන පක්ෂ වලට සිටියයුතු යයිද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙනත් පක්ෂයකට බැඳීම තහනම් කළ යුතු යයිද කොමිසම නිර්දේශ කර ඇත.

සෑම ඡන්දදායකයකුම තම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන සැකසිය යුතු බවත් එසේ කිරීමට අපොහොසත් වීම දඩයකට යටත් විය හැකි බවත් කොමිශන් සභාව නිර්දේශ කර ඇත.

ඉකුත් යහපාලන රජය පිහිටුවීමේදී හා පවත්වාගෙන යාමේදී මුස්ලිම් දේශපාලන පක්ෂ නිරූපනය කළ වැදගත් භූමිකාව අයි. එස්. සංවිධානයෙන් එල්ලවන තර්ජන කෙරෙහි රජය දක්වන ප්‍රතිචාරය හැඩ ගැස්වීමට ඉවහල් වී ඇති බව කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ.



අදහස් (3)

පාස්කු ප්‍රහාර විමර්ශනයේ ජනාධිපති කොමිසම මැතිවරණ ක්‍රමයේ දුර්වල කපොලු සොයාගනී

බද්රානි Thursday, 25 February 2021 03:48 PM

හිටපු ජනාධිපති හා වර්තමාන ජනාධිපතිතුමාව ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුවක් ලබාගත් නාමල් කුමාර නැමැත්තා එසේ මෙසේ පුද්ගලයෙක් වෙන්න බැහැනේ. එවැනි මිනීමැරුමක් කිරීමට කොන්ත්‍රාත් එකක් ලබා දෙන්නේ හොඳ නමක් දරපු කලින් මිනීමරපු සුපිරි වර්ගයේ මිනීමරුවෙකුට. නමුත් අදත් ඔහු කරලියේ ඉන්න පුද්ගලයෙක්. පුදුමේ කියන්නේ මොහුට කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ, සහරාන්ලාට විරුද්ධව මෙහෙයුම් කළ ඩී. අයි. ජී. නාලක සිල්වා මහත්තයා කියන එකයි. එතකොට ඔහුව අත්අඩංගුවට ගත්තාම, ඒ පරීක්ෂණ යට ගැහුණා. දේශපාලන බලය වෙනුවෙන් කළ බෝම්බ ප්‍රහාර දියත් වුණා වෙන්න බැරිද? මේවා ඔය කියන පාස්කු කොමිසමේ තියෙනවද? අපි දන්නා ඝාතන නම්, හොයන්නේ පොලිසියෙන් හා සී අයි ඩී එකෙනුයි. එ්ත් මේ පාස්කු ප්‍රහාරය හොයන්නේ කොමිසමකිනුයි. හරි පුදුමයි! මාරයි නේද?

:       0       0

Bamunuarachchi Friday, 26 February 2021 03:30 AM

මෙයින් පෙනී යන්නේ මුසල්මානුවන් අපේ පැවැත්මට පිළිකාවක් වෙන බවයි... බමුණුආරච්චි මේ මුසල්මානුවන්ගේ ක්‍රියා කලාපය මුලින් කීවාම ඔහු ජාතිවාදියෙක් කිව්වා මතකද?

:       0       0

ajith Friday, 26 February 2021 09:16 AM

එතකොට මේ කොමිසමෙන් හෙව්වේ පාස්කු ප්‍රහාරය ගැන නෙවෙයිද? 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 113 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site