(නිමල කොඩිතුවක්කු)
පාස්කු ප‍්‍රහාරයට අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන්දෙනෙකු මුදා දෙන බව පවසමින් ඥාතියකුගෙන් රුපියල් දාහත් ලක්ෂ පහළොස් දහසක මුදලක් ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පැවැසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාහන අමතර කොටස් ව්‍යාපාරයක යෙදෙන කොටිකාවත්ත ප‍්‍රදේශයේ පදිංචි මොහොමඞ් යූසුප් මොහොමඞ් ස්මිත් නැමති 48 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
පාස්කු ප‍්‍රහාරයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන සැකකරුවෙකු සහ ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාරයේ සිටින සැකකරුවන් දෙදෙනෙකු නිදහස් කරදෙන පවසා මෙලෙස මුදල් ලබාගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීවේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත ලැබුණු පැමිණිල්ලක් මත ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය මගින් මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd