(හර්ෂණ තුෂාර සිල්වා)
පාස්කු ඉරිදා කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකට සහ කතෝලික දේවස්ථානවලට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අනිද්දා (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එම කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ලංකාදීපයට පැවැසීය.
දෙසිය පනස්දෙනකුට වැඩි පිරිසකට මරු කැඳවමින් අප්‍රේල් මස 21 (පාස්කු ඉරිදා) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත්කර තිබිණි.
පාස්කු ඉරිදා ප්‍රහාරවලට පෙර ඒ සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත ලැබී තිබුණේ ද එවැනි ප්‍රහාර වැළැක්වීමට බලධාරීන් ප්‍රමාණවත් පියවර ගත්තේ ද අනාගතයේදී එවැනි ප්‍රහාර සිදුවීමට වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද ඇතුළු යන කරුණු 7කට නිර්දේශ ඉදිරිපත් කරමින් අදාළ කාරක සභාව අවසන් වාර්තාව සකස් කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන් ඇතුළු 60කට වැඩි පිරිසකගෙන් මෙම කාරක සභාව සාක්ෂි සටහන් කරගෙන තිබේ.
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මෙම විශේෂ කාරක සභාවේ සභාපති ධුරය හෙබ වූ අතර අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, රවී කරුණානායක, වෛද්‍ය රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, එම්.ඒ. සුමන්තිරන්, නලින්ද ජයතිස්ස, මහාචාර්ය ආශු මාරසිංහ සහ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න යන මහත්වරු කාරක සභාවේ සාමාජිකවරු ලෙස කටයුතු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු කට්ටිය වාර්තාව හදලා තියෙන්නේ... ඕකේ කොහෙහරි කොනකට ගෝඨා ගාවලා නොතිබ්බොත් ලෝක පුදුමයක් වෙයි. ඔය වාර්තාව එන්නත් කලින්ම අපි දන්නවා ඕක තනිකරම නාට්‍යයක් ප්‍රෝඩාවක් බව. ප්‍රහාරයට සම්බන්ධ අය මොවුන්ගේ වේදිකාවල පිටිපස්සට කරලා හංගගෙන මෝඩ සිංහල මිනිස්සුන්ගේ ඡන්ද කඩාගෙන ගොඩ යන්න මාන බලනවා. ඒ නිසා ඔය වාර්තා වලින් මේ විනාසේ වෙච්ච කීසිම කෙනෙක්ට හෝ කිසිම දේකට සහනයක් සැනසීමක් හෝ ආණ්ඩුවේම සිටින අන්තවාදී වැරදිකරුවන්ට නිශ්චිත දඩුවම් නිර්දේශ කිරීමක් හෝ නොලැබෙන බව සීයයට ලක්ෂයක් විශ්වාසයි.
මෙවර එජාපයෙන් තරග කරන්නේඉතිහාසයේ අඩුම අධ්‍යාපන සුදුසු කම් ලැබූ අපේක්ෂකයා . මීට පෙර අගමැති හෝ ජනාධිපති වී ඇති සැවොම උසස්පෙළ දක්වා හෝ ඊට වැඩි අධ්‍යාපනය ලැබූ අයයි.
හකීම් ඉන්න නිසා ඕක මම පිලිගන්නවා සාධාරන එකක් කියලා.
දැන් හකීම් අත්අඩංගුවට ගන්න ඕන ජනතාවද පොලිසියද ? මතක තබාගතයුතු වැදගත්මදේ මේ සියලු පුපුරන ද්‍රව්‍ය ගියේ රජයේ ආයතන හරහා නීත්‍යනුකූල ලෙස.
පාස්කු කේදවාචකය දේශපාලනට යොදාගන්න අපේක්ශකයා ගැන පරීක්ෂණයක් කරන්න. ඔහු දේශපාලන වාසි ගන්න කරපු දෙයක් කියලා දැන් පේනවා... මෑතකදී සංවිධානය කරපු වැඩවර්ජන පිටිපස්සේ හිටියේත් ඒ කල්ලියම කියන එක ඔප්පු වෙලා ඉවරයි. ඉතින් අනිවාර්යයෙන්ම මේකත් ඔවුන්ගේ ගේම් එකක් වෙන්න ඕන...
ගෝඨාභය ගේ ඇමරිකානු පුරවැසි බාවය අහෝසිය තහවුරුයි. ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකාවේ අධිකරණයක ගොනු කර තිබූ නඩුව එම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ප්‍රේමදාස කොළඹ රාජකීය විද්‍යාලයේ එස්. තෝමස්ගේ මූලික පාසලට සහ මිල් හිල් පාසලට ඇතුළත් වී ඉන් අනතුරුව ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලට ඇතුළත් වූ අතර ආර්ථික විද්‍යාව, දේශපාලනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ලබා ගත්තේය. [2] [3] [4] ඉන්පසුව ඔහු වොෂිංටන් ඩීසී රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හැදෑරීම සඳහා මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. මෙම කාලය තුළ ඔහු දකුණු ඩැකෝටා ජනරජයේ සෙනෙට් සභික ලැරී ප්‍රෙස්ලර් යටතේ විදේශ සබඳතා කමිටුවේ සේවය කළේය. සජිත්ට ජෝන් මැකේන් සහ හිටපු ජනාධිපති අපේක්ෂක ජෝන් කෙරී ඇතුළු තවත් බොහෝ ප්‍රබල සෙනෙට් සභිකයින් මුණ ගැසුණි.