(හසිත රංග ගුණතිලක)
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කොළඹදී පැවසූහ.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරනු ලැබූ ඇතැම් කොමිසන් සභා මගින් එම ප්‍රහාරයේ සත්‍ය තොරතුරු අනාවරණය වීම යටපත් කළ බවද අගරදගුරුතුමෝ කීහ.
පුංචි බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී අද (18) පැවැති හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
විවිධ කොමිසන් සභා පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු සොයා බැලුවද මෙරට ආරක්ෂක අංශ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සෙවීමට කිසිඳු වැඩපිළිවෙළක් දියත් කරන බවක් මෙතෙක් පෙනෙන්නට නැතැයි අගරදගුරුතුමෝ වැඩිදුරටත් පැවසූහ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)



COMMENTS
කාදිනල් තුමනි ඔබතුමාගේ අදහස් සමග එකඟ වෙමි. කල් මැරීමත් අපිට සැකයි.
ඔබ වහන්සේ විමර්ශන ගැන සැහීමකට පත් නොවුනට, බෝම්බ ප්‍රහාරකයින්ට මේ වන විටත් සාධාරණය ඉටුවී තිබෙනවා. ඔබ වහන්සේ තව වැඩිපුර යාඥා කරන්න එවිට බෝම්බ ප්‍රහාරයේ මහා මොළ කරුවන් ගැන වැටහේවි?
ඔව්, කතාව හරියටම හරි. හිටපු සේනාධිනායකයා ප්‍රධාන වශයෙන් වගකියන්න ඕන.
කතෝලිකයන්ගේ විරෝධය මෙයට එද්දී නිකන් තත්වය සමතයකට පත් කරගන්න කරපු ප්‍රකාශයක්.
හොරාගේ අම්මගෙන් පේන ඇහුවානම් ඔයිට වඩා හොඳා....
ඉතින් කාදිනල් තුමනි, සිරිසේන මහතා සභාපති කරා. සයින්දමරුදු නගර සභාවක් කරා ඒ මදිද?
අතිගරු අගරදගුරුතුමනි, ඔතනට අවශ්‍ය තුන් දෙනයි. හිටපු ජනාදිපති , හිටපු ආරක්ෂක ලේකම්, සහ හිටපු පොලිස් පති. එම තිදෙනාගෙන් අහන්න. වැඩි දුර යන්නට ඕනෙ නැත.
අගරදගුරු තුමනි, අපරාධය මෙහෙයවපු උදවියම පරීක්ෂණ මෙහෙයවනකොට සත්‍ය තොරතුරු කොහොමද එලි වෙන්නේ?
කරන්න දෙයක් නෑ. දැන් නම් සෑහීමකට පත් වෙන්නම වෙනවා.
ජනාධිපතිවරණයේදී කඩේ ගියාට වැඩේ හරි ගියේ නැහැ වගේ. එයාව සභාපති කලානේ පව්. දැන් මහ මැතිවරණේ ලග නිසා තව කොන්පරන්ස් ටිකක් කරන්න වෙයි වගේ.
100%ක්ම එකගයි අදරදගුරු තුමනි. එක ප්‍රවෘත්තියක මම දුටුවා මෙම අනතුර වලක්වා නොගැනීමට ක්‍රියා කලැයි කියලා පොලිස් නිලධාරීන් කීපදෙනෙක් ගැන විමර්ශනයක් කරනවා කියලා. නමුත් පැහැදිලිවම ඇතැම් දේශපාලකයන් මේ ගැන දැනුවත් වෙලා හිටියා කියලා සාක්ෂි තිබියදීත් ඔවුන් ගැන විමර්ශනය නොකිරීම කණගාටුවට කාරණයක්. පසුගිය රජයේ මේ ගැන තිබුණු මන්දගාමී තත්වය ගැන කලකිරුණු ජනතාව නව රජය ගැන විශාල බලාපොරොත්තුවක් තියාගත්තා. නමුත් ඔවුන්ගෙනුත් නිසි ප්‍රතිචාර නොලැබෙන විට සාමාන්‍ය ජනයාට කාගේ පිලිසරනක්ද..
සැලසුම් කරපුවා ගැන ආයේ හොයන්න දෙයක් නැහැ, නමුත් මේ රටේ ජනතාව සමහර පුද්ගලයො ආගමක් විදිහට අදහනවා, ඒ නිසා සත්‍ය පිළිගන්න කැමති නැහැ,
ඔබ වහන්සේ මේක ගැන මහන්සි වෙන තරම් අනිත් අය මහන්සිවෙලා වැඩ කරන්නේ නැති බවක් තමයි පෙනෙන්නේ
දැන්වත් ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන් ඇත්ත කතා කරන්න.
පොදු ප්‍රශ්න වලට නම් කතා කරන්නේ නැත. හැබැයි පාස්කු එක ගැන විතරක්ම කතා කරයි. රටේ ඉක්මනින් විමර්ශනය කර අවසන් කරපු මිනීමැරුම් නඩු ගැන නම් අසා නැත... දැන් පවතින දේශපාලන පරිසරය තුල සැබෑ වගකිවයුත්තා සිටින්නේද ආන්ඩුවේය. ඉතින් ඕවා යටයන එක වෙන්නේ. නැත්නම් නිලධාරීන් කීපදෙනෙක් පිටින් යාවී...
සැහීමකට පත් වෙන්න බැරි නම් කරන්න තියෙන්නේ එක දෙයයි. ඔබ වහන්සේ දන්නා සියලු දේ ප්‍රසිද්ධ කරන්න. එවිට කාටත් ඇස් ඇරේවි.
අපි බලාපොරොත්තු වෙච්ච දෙය නොලැබුණේ පාර්ලිමේන්තුවේ ඔක්කොම හොරුන් ආරක්ෂා කරන නිසාවෙනි. මෙවර ඡන්දෙදි මේ අය ඔක්කොම ගෙදර යවමු. එයයි එකම විසදුම.
ඔබ වහන්සේගේ අදහස් සමග අපද එකග වන්නෙමු. කෙසේ හෝ" මිහරකුන් 225 ම සත්ගුණවත්, පින්වත් ,අහිංසක තක්කඩියන්විමට " උපරිම උත්සාහය දරන බවනම් 200% විස්වාසය.
මෙතුමා කතා කරන්නේ පාස්කු ප්‍රහාරය ගැනමය. ඊට හේතුව ඊට හසු වූයේ කතෝලික ජනතාව වීමය. එතැනටම ගොනු නොවී රටේ අනෙකුත් පොදු ප්‍රශ්න ගැනත් කතා කරන්නේ නම් පුලුල් කෙනෙකු ලෙස හඳුනාගත හැක. කෙසේ නමුත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව තවම නිවැරදි , ගැඹුරු පරීක්ෂණ සිදුවන වගක් නොදැනේ.ඊට ගැටලු ඇත. මහා මැතිවරණයෙන් පසු එය නිවැරදි වේ යැයි සිතමු