(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු ප්රහාරය පිළිබඳ සෙවීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවිය.
පාර්ලිමේන්තුව විසින් ඉකුත් මැයි මස 22 වැනිදා පත්කළ මෙම කාරක සභාවේ කාලය මෙම මස 23 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබිණි.
අගමැති රනිල් වික්රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන්, ආරක්ෂක අංශ ප්රධානීන් ඇතුළු පිරිසක් මේ වන විට ඒ හමුවේ සාක්ෂි ලබා දී තිබේ.
එහි කාලය දීර්ඝ කිරීමට අදාළ යෝජනාව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය .
COMMENTS
කදිම අදහසක්... වගකිය යුතු ඔක්කොම ගෙන්වන්න. ඉස්සර ආණ්ඩුවේ හිටපු අයවත් ජනාධිපතිත් ගෙන්වලා ප්රශ්න කරන්න. සරත් ෆොන්සේකා මහතා වගේ කෙලින් අහන්න.
මේවා ලෝක විහිලු නේද? මේ කාවද ගොනාට අන්දන්නේ ?
තව මාස හතරක් විතර තියනවා .ඊට පසුව 225 දියවන්නාවෙන් එළියේ .බොරු සභාව ඉවරයි. අනිත් කමිටුවත් ඉවරයි .අලුත් ගමනකට අපි සුදානම්.
නිකන් කාලේ කන වැඩ...
තේරෙන විදිහට මෙය කාලේ කා දැමීමක් . ඡන්දෙ එනකම්ම ඕක ඇදගෙන යයි.
තව අවුරුදු දහයක්වත් අදිමු...නැත්නම් වැඩක් නෑ ..