IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


‘‘පාස්කු ප‍්‍රහාරය ගැන පෙර දැනුම් දීමක් හිටපු ආරක්ෂක ලේකම්ට ලැබී නෑ‘‘

(තිළිණි ද  සිල්වා සහ රංජන් කටුගම්පොළ)

පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන පූර්ව අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙන් කිසිඳු දැනුම් දීමක් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාට ලැබී නොමැති බව ඒ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා අද ( 05) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එසේම ජාතික රහස් ඔත්තු සේවය සිය බුද්ධි තොරතුරු කෙළින්ම අනාවරණය කරන්නේ ජනාධිපතිවරයාට පමණක් බවත් , එය ආරක්ෂක ලේකම්වරයාට ලබා නොදෙන බවද ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට ක‍්‍රියා නොකිරීම තුළින් මූලික අයිතිවාසිකම් කඩ කළැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (05) යළි සලකා බැලූ අවස්ථාවේදීය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ,  ප‍්‍රියන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, එල් .ටී. බී දෙහිදෙණිය සහ මුර්දු ප‍්‍රනාන්දු යන  මහත්ම මහත්මීන්ගෙන් යුතු සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් 12 සළකා බැලිණි.

 

 



අදහස් (3)

‘‘පාස්කු ප‍්‍රහාරය ගැන පෙර දැනුම් දීමක් හිටපු ආරක්ෂක ලේකම්ට ලැබී නෑ‘‘

ආන්ජලෝ නුගාරා Thursday, 05 September 2019 01:33 PM

එදා විදේශ මාධ්‍යවේදියාට දුන් පිළිතුර වූයේ ප්‍රහාරය ගැන දැන් සිටියා. නමුත් මෙතරම් විනාශයක් වෙයි කියලා සිතුවේ නැැහැ කියලා...

:       0       0

Sam Thursday, 05 September 2019 02:06 PM

ඔය වගේ දෙයක්වත් තමන්ට නොලැබෙන ආරක්ෂක ලේකම් පට්ටම් අල හාරන්නද? තමන්ට වැඩක් කරන්න බලයක් නැතිනම් ඔය පට්ටම කලින්ම දාලා යන්න තිබුණා. ඔක්කොම ඉවරවුණාට පස්සේ මම දන්නේ නෑ කියන අයට දඬුවම් දෙන්න ඕන ඔක්කොටම කලින්...

:       0       0

කෝලිත Thursday, 05 September 2019 05:36 PM

ඔය බොරු කියන එක දැන්වත් නවත්වන්න . හරියට වැඩේ කරේ නැතිව මන් දන්නේ නැති න්‍යාය පාවිචි කරන්නේ. මොකටද එහෙනම් පඩි ගෙවලා වැඩට ගත්තේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 136 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 983 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site