IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


පාස්කු ප්‍රහාරය ගැන එවා තිබූ අසම්පුර්ණ ගොනු 40 ක් නීතිපති ආපසු යවයි

(මනෝප්‍රිය ගුණසේකර)

පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන හා තරු පන්තියේ  හෝටල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ සැකකරුවන්ට එරෙහිව ගතයුතු නීතීමය පියවර පිළිබඳව උපදෙස් ඉල්ලා රහස් පොලිසිය ඇතුළු විවිධ පොලිස්ථාන වලින් නීතීපතිවරයාට එවා තිබු අසම්පුර්ණ විමර්ශන ගොනු 40 ක් නීතීපතිවරයා විසින් ආපසු හරවා වැඩබලන පොලිස්පතිවරයාට අද (26) යවන ලදී.

සම්පුර්ණ විමර්ශන ගොනු නොපමාව හරියාකාරව සිදුකර උපදෙස් සඳහා යළි තමන්ට එවන ලෙස නීතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිතව උපදෙස් දුන් බවද නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන උධෘත ගොනු නීතීපති උපදෙස් සඳහා විවිධ පොලිස්ථාන වලින් නීතීපති දෙපාර්තමෙන්තුට ලැබී ඇති බවත් එම විමර්ශන ගොනු වලින් බොහෝ ප්‍රමාණයක් විමර්ශන අවසන් කර ඇති බව සඳහන් කර තිබුණත් විමර්ශන අසම්පුර්ණ හා කිසිඳු නීතීමය පියවරක් ගත නොහැකි අසම්පුර්ණ ගොනු බව පෙනී ගොස් ඇති බවත් නීතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් දැනුම් දී ඇත.

එලෙස කිසිඳු නීතීමය පියවරක් ගත නොහැකි අසම්පුර්ණ විමර්ශන ගොනු 40 ක් මුලිකව නීතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට ආපසු බාරදී ඇති අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් සම්බන්ධයෙන් උපදෙස් ඉල්ලා ඉදිරිපත් කර ඇති අසම්පුර්ණ ගොනු ඉදිරියේදීත් මේ ආකාරයටම ආපසු බාරදීමට කටයුතු කරන බව නීතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

මෙම අසම්පුර්ණ  විමර්ශනයන් නොපමාව හරියාකාරව සිදුකර එම සම්පුර්ණ විමර්ශන ගොනු උපදෙස් සඳහා යළි තමන්ට එවන ලෙස නීතීපතිවරයා විසින් පැහැදිලිවම වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බවද නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.



අදහස් (5)

පාස්කු ප්‍රහාරය ගැන එවා තිබූ අසම්පුර්ණ ගොනු 40 ක් නීතිපති ආපසු යවයි

Narada Friday, 26 June 2020 03:16 PM

නියමයි....

:       0       158

Nishan Friday, 26 June 2020 11:09 PM

ඕවා සම්පූර්ණ කරන්නත් බැරුව ඇති. නීතිපතිතුමා ඕවා පිලිගත්තොත් උසාවියේදී අපහසුතාවට පත් වෙන්නේ එතුමා නිසා ආපහු හරවා යැවීම අන්තිම සාධාරණයි. අනික ඡන්දේ නිසා ලකුණු දාගන්න ආණ්ඩුව කඩිමුඩියේ ගොතන බොරු පරීක්ෂණ කොහොමද නීත්‍යානුකූල වෙන්නේ? ඔය 40 ම කුණු කූඩට තමයි.

:       0       5

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 27 June 2020 02:57 AM

කොහොමද පොලිසියේ තියෙන විශාරද නීති දැනුම... මේ අය තමයි මිනිස්සුන්ට නීති රකින හැටි කියා දෙන්නේ.. ඉස්සෙල්ලාම මේ අයට නීතිය හරිහැටි කියා දෙන්න. මේ අය ගැන නීතිපතිතුමා දුන් ආකාරය අගනේය.

:       0       3

Lakmal Saturday, 27 June 2020 07:23 AM

දැන් පෙන්වනවා... පාස්කු ප්‍රහාර නාටකය දැන් පෙන්වනවා. තිරගතවීම අගෝස්තු 05 වැනිදා දක්වා පමණයි.

:       0       47

vidya Saturday, 27 June 2020 06:43 PM

මෙයින් කොපියක් කාඩිනල්තුමාටත් යවන්න. උන්වහන්සේ හරිද? වැරැදිද? කියලා හරියටම කියාවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 128 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 212 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1070 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site