IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


පාස්කු ඉරිදා ප්‍රහාරයේ රහස් තොරතුරු හරීන්ගෙන් කොමිසමට

(*** මුදිතා දයානන්ද)

මෙම ප්‍රහාරය ගැන පියාට තොරතුරක් ලැබී තිබූ බව තම වැඩිමහල් සහෝදරිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව තමාට දුරකථන ඇමතුමක් දී දැනුම් දුන් බවත් ඇයට පල්ලි නොයන ලෙස පියා අවවාද කර ඇති බවත් හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා (16) ප්‍රකාශ කළේය.

ඒ වන විට තම පියා සිටියේ කොළඹ නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේ බව ද ඔහු පැවසීය.

ඔහු මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.

සහරාන්ලාගේ ප්‍රහාරය එල්ල වූ දිනට පෙර දින එනම් 2019 අප්‍රේල් 20 වැනිදා රාත්‍රි 8ට පමණ මුස්ලිම් අන්තවාදීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ඒ හා සම්බන්ධ සිදුවීම් ගණනාවක පරීක්ෂණවලට සම්බන්ධ වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන් නන්දලාල් යන නිලධාරියා හරීන් ප්‍රනාන්දු මහතාගේ පියාට එනම් නිහාල් ප්‍රනාන්දු මහතාට විනාඩි හයක දුරකථන ඇමතුමක් ලබාදී ඇති බව ද සහරාන්ලාගේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු දැන ගන්නට ඇත්තේ එම ඇමතුමෙන් විය හැකි බව ද පැවසූ රජයේ නීතිඥවරයා ඒ ගැන තමන් දන්නේ දැයි හරීන් ප්‍රනාන්දු මහතාගෙන් විමසුවේය.

හරීන් ප්‍රනාන්දු මහතා ඉහත ප්‍රකාශය කළේ එයට පිළිතුරු වශයෙනි.

තම සහෝදරිය එසේ පැවසූ පසු තමන් වහාම කොළඹ නවලෝක රෝහලට පැමිණ පියා හමුවීමට ගොස් ඒ ගැන විමසූ විට ‘තමුසෙට වඩා දේවල් අපි දන්නවා’ යැයි පැවසුවා හැර වෙනත් කිසිවක් නොකී බව ද ඔහු පැවසීය.

පසුව දැනගන්නට බලාපොරොත්තු වුවද පියා මියගිය නිසා ඒ ගැන ඊට වඩා යමක් දැනගත නොහැකි වූ බව ද ඔහු පැවසීය.
මේ පිළිබඳව තමන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පැවසූ විට ඔහු තමන් වෙත ලිපියක් ඉදිරිපත් කළ බව ද එය විශේෂ ආරක්ෂක ඒකකයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලූෂන ප්‍රියලාල් මහතා විසින් ඇමති ආරක්ෂක, අධිකරණ ආරක්ෂක, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක ප්‍රධානීන්ට යොමු කරන ලද ලිපියක් බව දැනගත් බව ද ඔහු පැවසීය.

එම ලිපියේ පල්ලිවලට ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් ඇති බව සඳහන්ව තිබූ බව ද එම තොරතුර පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල බොහොමයක් දෙනා දැන සිටි බවට තමන් විශ්වාස කරන බව ද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ වගකීමෙන් කොටසක් ව්‍යවස්ථා විරෝධීව හා සදාචාර විරෝධීව පත්කරන ලද දින පනස් දෙකේ ආණ්ඩුව ද භාරගත යුතු බව ද ඔහු පැවසීය. මෙම ආණ්ඩු පෙරළියෙන් පසුව යළි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව පත් වුව ද ජනාධිපති හා අගමැති අතර මනා සබඳතාවක් නොපැවති බව ද ඔහු පැවසීය.

මෙම සිදුවීමෙන් පසු ජාතික ආරක්ෂාව සම්බන්ධ කාරණාවල දී හිටපු ජනාධිපතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, පොලිස්පති පූජිත් ජයසුන්දර ඉවත් කළ බව ද ඔවුන්ට ආරක්ෂක කවුන්සිලයට සම්බන්ධවීමට දැනුම් නොදුන් බව රටම දන්නා කාරණාවක් බව ද ඔහු පැවසීය.

 



අදහස් (6)

පාස්කු ඉරිදා ප්‍රහාරයේ රහස් තොරතුරු හරීන්ගෙන් කොමිසමට

සේන Friday, 18 September 2020 05:46 AM

මේක දැන් පය පරවායට පිටිකර බෙහෙත් බඳින්නා වාගේ...

:       0       59

jonana Friday, 18 September 2020 05:52 AM

හරින් මහතා කියන විදියට DIG පල්ලියකටත් කරුණු වාර්තා කරලා තියනවා වගේ පේනවා

:       133       14

sharm warnFriday, 18 September 2020 08:13 AM

හරීන් මහතා.., කමක් නැහැ. නමුත් කරුණු හරියට දැනගෙන කමෙන්ට් කරනවා නම් ගොඩක් හොඳයි. මේ වගේ සහගහන අපරාධයක් වුණාට පස්සේ මේ වගේ සක්කිලි කතා කියන්න පුළුවන් මේ වගේ මිනිස්සුන්ට පමණයි. ඔබත් ඔහුගේ වර්ගයේ කෙනෙක් වෙන්න එපා.

:       0       152

pradeepa Friday, 18 September 2020 07:59 AM

හරීන් ඔබ එදා වුණු ලොකු විනාශය බේරගත්තා නම් අද කොතරම් සතුටක් ලැබෙනවද? බලන්න දැන් ඔබට නිදහසේ මැරෙන්නවත් බැහැනේ.. ඔබේ හිත ඔබට දොස් පවරනවානේ.

:       1       96

Nihal Friday, 18 September 2020 09:01 AM

ඒ අපිට... දේශපාලකයින්ට හිතක්, පපුවක් තියෙනවද?

:       0       21

RaveendraFriday, 18 September 2020 09:53 AM

ඔබගේ අදහස් නිවැරදිය. දේශපාලුවන් මැරෙන්නේ අනේකවිධ වද වේදනා විඳවලා. මොහුත් එම ගොඩේම තවත් එක් අම්බරුවෙක් පමණි..

:       0       218

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1616 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1391 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 494 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site