(ජයන්ත සමරකෝන්)
ජවිපෙය ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරිම නිසා එකමතයක නැති වැනෙන්නන් පිරිසක් බවට සන්ධාන මහලේකම්වරයා චෝදනා කර ඇතැයි ද පශ්චාත් උපාධියක් ඇති අප වැනෙන පිරිසක් නොවේ යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා අද (12) පැවසීය.
ශ්‍රීලනීපයේ ඇතැමුන් අප ගන්ධබ්බයන් ලෙස හඳුන්වා ඇතැයි ද ඉගෙන ගෙන තිබුණා නම්, එවැනි ප්‍රකාශ කරන්නේ නැතැයි ද මන්ත්‍රීවරයා කීය.
සාමාන්‍ය පෙළවත් නැති අයට මේ දේශපාලනය තේරුම් ගන්නට බැරි යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පුංචි බොරැල්ල පරිවර්තන කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්තී සාකච්ඡාවකදී මාධ්‍යවේදීයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.