(සිතුම් චතුරංග)
වවුනියාව පට්ටාන්චූර් ප‍්‍රදේශයේ නිවසක් අසළ පීවීසී බටයක් තුළ ආරක්ෂිතව සඟවා තිබූ කඩු 2ක් සමඟ මාළු ව්‍යාපාරිකයකු අද(30) අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.
මෙම කඩු දෙක නිවස ඉදිරිපිට තිබූ කසළ කානුවක සඟවා තිබූ බව පොලිසිය පවසයි.
වවුනියාව නෙලූක්කුලම පොලිස් මුරපොළේ නිලධාරීන් පිරිසකට ලැබුණු තොරතුරක් මත කළ සෝදිසියකදී කඩු දෙක හමු වූ බව පොලිසිය කියයි.
අඩි තුනක් පමණ දිගින් යුත් මෙම කඩු දින කිහිපයකට පෙර මුවහත් කොට සඟවා තිබූ බවට පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ.
සැකකරු වවුනියාව පට්ටාන්චූර් ප‍්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයකි.
වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පීවීසී බට තුළ සැඟවූ කඩු 2ක් සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
chathuri Tuesday, 30 April 2019 11:59 AM
පුදුම කඩු ගොඩක්නේ හමුවෙන්නේ. වෙසක් කාලේ මේ විනාසය සිදුවුනා නම්, ලෝකයේ ලොකුම යුද්දයක් වෙනවා. පන්සල් ඇතුල, වටපිටාව, ඉන්න සෙනග, අපේ රටේ සියලුම ජනයාව බේරාගත්තේ අප වෙනුවෙන් දුක් විද කුරුසේ දිවි පිදු යෙසුස්වහන්සේ. ඒකයි පාස්කු ඉරිදා දිනයේ මෙය සිදු වුනේ, ඔබට කෝටි වාරයක් ස්තුති පියාණනි. ඒ වගේම හැම අවි ආයුධත් සමග සියලුම ත්‍රස්තයින් නීතියේ රැහැනට හසුකර දෙන්න.