(නිමන්ති රණසිංහ )

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ ක්‍රිෂ්ණ විජේබණ්ඩාර මහතා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අභාවප්‍රාප්ත විය.

මිය යන විට 57 වැනි වියේ පසු වූ ඒ මහතා මාසයකට ආසන්න කාලයක් රෝගාතුර වී එම රෝහලේ ප්‍රතිකාර ලබා ගත්තේය.

හිසේ ඇති රුධිර කැටියක් හේතුවෙන් රෝහල් ගත කර රෝහල්ගත කර සිටි ක්‍රිෂ්ණ විජේබණ්ඩාර මහතා ශල්‍යකර්මයකට ලක් කිරීමෙන් පසු සුව අතට හැරෙමින් සිටියේය.

ඒ අතර හෘදයාබාධයක්  හේතුවෙන් ක්‍රිෂ්ණ විජේබණ්ඩාර මහතා මෙසේ අභාවප්‍රාප්ත විය.

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර මහතා ලංකාදීප කර්තෘ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළ දක්ෂ පුවත්පත් කලාවේදියෙකි.