(නිමල කොඩිතුවක්කු)

පොල් වගාව සම්බන්ධ ගැටළු විසඳීමට නව දුරකතන අංකයක් හා වට්සප් අංකයක් හදුන්වා  දී ඇතැයි  වැවිලි කර්මාන් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

ඒ අනුව 070 4001928 වට්සප් අංකය මගින් සහ 1928 දුරකථන අංකය මඟින් පොල් වගාව සම්බන්ධ ප්‍රශ්න පිළිබඳව විමසිය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පොල් පැලවල මතුවන යම් යම් රෝගී තත්ත්වයන් සම්බන්ධ ඡායාරූපයක් ඉහත වට්සප් අංකයට යොමු කළ විට ඒ සම්බන්දයෙන් ක්ෂණිකව ප්‍රතිචාර ලබාදීමට කටයුතු කරන බවත් ලුණුවිල පොල් පර්යේෂණායතනයේ ඉකුත් දා පැවැති උත්සවයේදී ඔහු මේ බව පැවැසීය.

ඉදිරි වසරක කාලය තුල වැවිලි භෝග මගින් මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන පහ ඉක්මවා යනු ඇතැයිද වැවිලි කර්මාන් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මගින් මෙම වසර තුළ දැනට ලබාගත් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන හත්සියය ඉක්මවා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.