
(ඩයනා උදයංගනී)
උසස් පොලිස් නිලධාරීන් පිරිසක් මාධ්‍ය හමුවේ දී ඉකුත් දා සිදුකළ ප්‍රකාශය තරයේ හෙළාදකින බව සර්ව ආගමික නායකයින් පිරිසක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ නීතිමය කටයුතු ජාතිවාදී සහ ආගම්වාදී තලයකට තල්ලු කිරීමේ පහත් අරමුණක් එම ප්‍රකාශයේ ගැබ්වී ඇතැයි එම ආගමික නායකයන් සිය නිවේදනයේ සඳහන් කර ඇත.
කොළඹ කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක හා කොළඹ නව කෝරළේ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක පරකඩුවේ සරණංකර හිමි, බියගම ත්‍රෛනිකායික භික්‍ෂු බලමණ්ඩලයේ ලේඛකාධිකාරී බෙලිගල අමරසිරි හිමි, කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා, අගදරගුරු පදවි ජන සන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමා, මීගමුව පෙරියමුල්ලේ ෂෙයින් අබ්දුල්ලා අබ්දුල් රාමන් මවුලවිතුමා, මීගමුව අධිකරණ ප්‍රදේශය භාර මොහොමඩ් මුහජරීන් මවුලවිතුමා, ශ්‍රී ලංකා හින්දු පූජක සංගමයේ ලේකම් ආර්. දර්ශක ෂර්මා කුරුක්කල්තුමා සහ ශ්‍රී ලංකා හින්දු කුරුක්කල් පූජක සංගමයේ සභාපති වෛතීෂ්වර කුරුක්කල්තුමා යන ආගමික නායකයන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමන්ලා ඉස්ලාම් අදහන මිනිසුන් පන්න පන්නා පලිගන්නා බවක් නම් අපිට පෙනේ. ක්‍රිස්තියානි කටයුතු ඇමැති පොලිස් ඇමැති වෙච්චි කාලේ බෞද්ධයින් කුලප්පු කරේද ඔබලා බව දන්නෝ දනිති... අපි නම් ඒකට කියන්නේ බළලුන් ලවා කොස් ඇට බෑවීම කියලයි.
පූජනීය සර්ව ආගමික පූජකවරුනි..! ඔබ වහන්සේලාගේ අදහස සමග අපි එකඟ වෙමු. ඔබ වහන්සේලා සමග එක සිතින් සිටගනිමු. පාස්කු ප්‍රහාරය යට ගැසීම සඳහා නොයෙක් නොයෙක් වස්ත්‍රාභරණයෙන් සැරසී එන හෝ එවන පෙරේතයින් කුම්භාණ්ඩයින් හා පිල්ලි මනාව හඳුනා ගනිමු. හඳුනාගෙන සිටින හා ප්‍රසිද්ධියේ පෙනී සිටින පාස්කු ප්‍රහාරකයාට නිසි දඬුවම ලැබෙනතුරු අපි අවදියෙන්...
පහළ තැනින් තමයි ජලය ගලා යන්නේ...!!!
මන්ද? ඔවුන්ට ආගමික නායකයන් හමුවීමට බැරිද?
තමුන්ට ලැබු උපදෙස් අනුව අපේක්ෂිත රාජකාරී නිසි පරිදි කළ සුළු නිලධාරීන් අසාධාරණ ලෙස දඩුවමට ලක්වීම ගැනත් සිතන්න.
ආගමික නායකයන් සැම විටම බලන්නෙ වැරදි කෝනයෙන් ,හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පර්ලිමෙන්තු කොමිටියක් පත් කර අත් සොදාගන්න උත්සාහ කලා ඒ අවස්තාවෙ මෙ ගොල්ල කොහෙද හිටියෙ, පවතින ඕනම රජයක අනට ගරු කරමින් තමයි සන්නද්ධ හමුදා කටයුතු කලයුතුව ඇත්තෙ, පොලිස් නිලධාරින් ද එසෙමයි පොලිස් නිලධාරින්ට පැවරෙන කටයුතු කරන්වා මිස ඔහුනට අවශ්‍ය විදිහට වැඩ කලෙ නැත. එයට සම්පුර්ණයෙන්ම වග කිව යුත්තෙ හිටපු ආරක්ශක ලෙකම් සහ පොලිස් පතියි.
බෝම්බ ගැහැව්වේ පල්ලිවලට පිළිම කඩුවේ පන්සල් වල. ගැහැණු පුහුණුව ලැබුවේ සුදු ඇඳගෙන පන්සන්වලට බෝම්බ ගෙනෙන්න ආගමික නායකයෝ කියනවා මේක ආගම් වාදී නොවෙයිලු. කොහොමත් ජාතිවාදී නොවෙයි. ක්‍රිස්ත්යානි, මුස්ලිම්, බෞද්ද කියලා ජාති නැහැ ඒ නිසා මෙතන ජාතිවාදයක් නැහැ.
පොලිස් නිළදාරීන්ට මෙහෙම මාධ්‍ය හමු තියන්න පුළුවන්ද? දේශපාලකයෝ උත්තර දිය යුතු ප්‍රශ්ණවලට නිළදාරීන්ට මැදිහත් වෙන්න පුළුවන්ද? මේක පොලිස් රාජ්‍යක්ද? ඒකද මේ පෙන්වන්නේ?
අපේක්ෂිත රාජකාරී? ඒ මොනවද ඒ? ඉහලින් එන හැම අණක්ම ක්‍රියාත්මක කරන්න නිළදාරීන් බැඳිලා නෑ.
ආණ්ඩුව මුල ඉඳන්ම උත්සාහ කලේ ඒකට තමයි. ජාතිවාදය සහ ආගම්වාදය මගින් නූගත් ජනතාවගේ කැමැත්ත ගන්න හැටි ආණ්ඩුව දන්නවා.
පාස්කු ප්‍රහාර සම්බන්දව පරීක්ෂණ පවත්වන්නේ, කරන්නේ සංස්කෘතික දෙපාර්තමේන්තුව නොවෙයි පොලිස් දෙපාර්තමේන්තුව. ඒවා සාමාන්‍ය ජනතාවට අදාළ නැහැ.
මොකද මේ විතාන ගේ පිළිතුරු පැත්ත වහලා