IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පොලිස් පරීක්ෂක වරුණී බෝගහවත්තගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

(රංජන් කස්තුරි)

මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක වරුණී බෝගහවත්ත මහත්මිය හදිසියේ ස්ථානමරු කර යවා ඇති බවට එම මහත්මිය විසින් මැතිවරණ කොමිසමට අද (11) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මැතිවරණ සමයේදී  නීති රීති උල්ලංඝණය කරමින් හදිසියේ තමාට ස්ථාන මාරුවක් ලබාදී ඇතැයිද එම ස්ථානමාරුව අවලංගු කරන්නැයි පොලිස්පතිවරයාට නියම කරන ලෙසද වරුණී බෝගහවත්ත මහත්මියගේ පැමිණිල්ලේ සඳහන් වේ.

වරුණී බෝගහවත්ත මහත්මිය මාතර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ අතර ඇයට ඉකුත් 21 වැනිදින මාතර පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් ලබා දී තිබේ.

වරුණී බෝගහවත්ත මහත්මිය 2018 වසරේ ශ්‍රී ලංකාවේ විශීෂ්ටතම පොලිස් පරීක්ෂිකාව ලෙස සම්මාන දිනා ගත්තාය.

ඉකුත් 2013 වසරේදී අකුරැස්ස ළමා හා කාන්තා අපචාර සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුවා ලියනගේ සුනිල් නැමැත්තා අත්අඩංගුවට ගැනීම හා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මුල්ම ක්‍රියාකළේද බෝගහවත්ත මහත්මියයි.



අදහස් (4)

පොලිස් පරීක්ෂක වරුණී බෝගහවත්තගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

රවින් Monday, 11 November 2019 01:55 PM

මොලේ කචල්ද? හිටන් කියලා දෙනවා වගේ...

:       0       54

චමින්ද Monday, 11 November 2019 02:07 PM

නැවතත් එවැනි යුගයක් එනවා යැයි සිතන පිරිසක් සිටිනවා. එවැනි බලාපොරොත්තු තිබෙන අය ඔබ වැනි නිලධාරීන්ට කැමති නැහැ. මාරු කරන්න ඇත්තේ ඔවුන්ගේ ඉල්ලීමට වෙන්න පුළුවන්...

:       190       356

mahinda Monday, 11 November 2019 11:44 PM

පොහොට්ටුවේ වැඩක්ද? හංසයාගේ වැඩක්ද?

:       0       0

ම්වුබිමේ අනාතයා Tuesday, 12 November 2019 03:05 AM

අර කියමනක් තියෙන්නේ "පෑගෙන කෙසෙල් පැළ සාරෙට ආරනවා" කියලා මේවායින් මෙතුමිය තවත් නැගී සිටීවි. හඬක් නොමැති දුබලයන් වෙනුවෙන් සාධාරණය උදෙසා... දිරිය නැගණිය ඔබ දෙස රටක් බලාසිටියි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site