(රංජන් කස්තුරි)
මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක වරුණී බෝගහවත්ත මහත්මිය හදිසියේ ස්ථානමරු කර යවා ඇති බවට එම මහත්මිය විසින් මැතිවරණ කොමිසමට අද (11) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මැතිවරණ සමයේදී නීති රීති උල්ලංඝණය කරමින් හදිසියේ තමාට ස්ථාන මාරුවක් ලබාදී ඇතැයිද එම ස්ථානමාරුව අවලංගු කරන්නැයි පොලිස්පතිවරයාට නියම කරන ලෙසද වරුණී බෝගහවත්ත මහත්මියගේ පැමිණිල්ලේ සඳහන් වේ.
වරුණී බෝගහවත්ත මහත්මිය මාතර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ අතර ඇයට ඉකුත් 21 වැනිදින මාතර පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් ලබා දී තිබේ.
වරුණී බෝගහවත්ත මහත්මිය 2018 වසරේ ශ්‍රී ලංකාවේ විශීෂ්ටතම පොලිස් පරීක්ෂිකාව ලෙස සම්මාන දිනා ගත්තාය.
ඉකුත් 2013 වසරේදී අකුරැස්ස ළමා හා කාන්තා අපචාර සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුවා ලියනගේ සුනිල් නැමැත්තා අත්අඩංගුවට ගැනීම හා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මුල්ම ක්‍රියාකළේද බෝගහවත්ත මහත්මියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලේ කචල්ද? හිටන් කියලා දෙනවා වගේ...
නැවතත් එවැනි යුගයක් එනවා යැයි සිතන පිරිසක් සිටිනවා. එවැනි බලාපොරොත්තු තිබෙන අය ඔබ වැනි නිලධාරීන්ට කැමති නැහැ. මාරු කරන්න ඇත්තේ ඔවුන්ගේ ඉල්ලීමට වෙන්න පුළුවන්...
පොහොට්ටුවේ වැඩක්ද? හංසයාගේ වැඩක්ද?
අර කියමනක් තියෙන්නේ "පෑගෙන කෙසෙල් පැළ සාරෙට ආරනවා" කියලා මේවායින් මෙතුමිය තවත් නැගී සිටීවි. හඬක් නොමැති දුබලයන් වෙනුවෙන් සාධාරණය උදෙසා... දිරිය නැගණිය ඔබ දෙස රටක් බලාසිටියි..