(රොමේෂ් මධුෂංක)
යාපනය අච්චුවේලීයේ පොලිස් නිලධාරියකුගේ නිවසක පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ අයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීම නිසා එම මංගල අවස්ථාවට සහභාගී වූ පොලිස් නිලධාරීන් 08 දෙනකු ඇතුලු 64 ක් නිරෝධායනයට යොමු කළ බව යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි.
අච්චුවේලී ජේ.276 ප්‍රදේශයේ පිහිටි අදාල පොලිස් නිලධාරියාගේ නිවසේ මෙම විවාහ මංගල්ලය පැවති අතර එම නිවසට වරින් වර ගිය පොලිස් නිලධාරීන් 08 දෙනකු ඇතුලු පුද්ගලයින් 64 දෙනකු මෙලෙස නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇත.
විවාහය පසුවී දින දෙකක් ගත වීමත් සමග එක් අයකුට ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් රෝහලගත කොට සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයේදී ඔහුට කොවීඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.