IMG-LOGO

පොලිස් නිලධාරියෙකුට පහරදුන්නැයි යටිනුවර ප‍්‍රා.සභාවේ මන්ත්‍රීවරයෙක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ , චමිල් රූපසිංහ සහ ජේ. ඒ. එල්. ජයසිංහ)

රථවාහන රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයකුට පහරදී රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියකට අදාළව කඩුගන්නාව පොලිසිය අත්අඩංගුවට ගත් යටිනුවර ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍ර තුසිත වලගෙදර මහතා ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර වැඩබලන මහේස්ත‍්‍රාත් මහින්ද ලියනගේ මහතා අද (15) නියෝග කළේය.

තමාට පොලිස් නිලධාරියා ද පහර දුන් බව පවසමින් සැකකාර මන්තී‍්‍රවරයා පේරාදෙණිය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී සැකකරු නිරීක්ෂණයට ගිය වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා සැකකරු එලෙස රක්ෂිත භාරයේ තැබීමට නියෝග කළේය.

ඒ අනුව, මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ යටිනුවර ප‍්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරයකු වූ කඩුගන්නාව ප‍්‍රදේශයේ පදිංචි අයෙකි.

 



අදහස් (7)

පොලිස් නිලධාරියෙකුට පහරදුන්නැයි යටිනුවර ප‍්‍රා.සභාවේ මන්ත්‍රීවරයෙක් රිමාන්ඩ්

Prabha Monday, 15 July 2019 02:06 PM

පොහොට්ටු ආණ්ඩුවක් ආවොත් මිනිස්සුන්ට වෙන්නේ ඇදන් යට ඉන්න තමා

:       0       224

Bishan Monday, 15 July 2019 02:40 PM

අද දවසටම පොහොට්ටුවේ දෙවෙනි කෙනා

:       0       140

Hafeel Monday, 15 July 2019 03:46 PM

මේවා සාම්පලය පමණයි. පොහොට්ටුව බලයට අවොත් වෙන්න දේවල් කොහොමද කියල.

:       0       218

thilak Monday, 15 July 2019 10:34 PM

මේ සෙට් එක නඩත්තු කරන්ට තමයි අපි බදු ගෙවන්නේ.

:       0       34

කෝකිල Tuesday, 16 July 2019 02:57 AM

මහින්ද මහතා මේවට මොනවද කියන්නෙ. පොහොට්ටුව ආවොත් රටේ නීතිය එයාලට අවශ්‍ය නැහැ.

:       0       107

isurandi Tuesday, 16 July 2019 08:09 AM

නිල ඇදුමට ගරු නොකරන එවුන්ට ගහලා මදි. අනික නිල ඇදුම දා ගත්ත පමණින් ඒ උදවියත් දැනගතයුතුයි නිල ඇදුමට ගරුත්වයක් හිමිවන ආකාරයට කටයුතු කරන්න.

:       88       9

සේනාරත්න Wednesday, 17 July 2019 03:25 PM

මීට ටික කලකට පෙර ඔය සභාවේම අයෙක් මත්ද්‍රව්‍ය (කුඩු) ළඟ තබාගෙන ඉඳලා අත්අඩංගුවට ගත්තා කියලා නිව්ස් එකකුත්.. මිහින්තලයදී තරුණයකුට පොල්ලකින් පහර දී අත්අඩංගුවට තවකෙක්ද.. නාරම්මල දී පොලිස් නිලධාරීයකුට පහර දී තවකෙකුද.. ආදී වශයෙන් ප්‍රාදේශීය සභිකයින් කීයක් නම් අත්අඩංගුවට ගත්තද? විපක්ෂයේදී මෙහෙම නම් ආණ්ඩුවේ බලය තිබුණා නම් අනේ අම්මේ.. ඡන්දය දුන්නේ මේ වගෙ දේටද?..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 65 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 275 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site