ඩී.ජී.සුගතපාල සහ යසන්ත ආරියසේන
 
හක්මණ කෝංගල 13කණුව අසල මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරින් තිදෙනෙකු ලොරියකට යටකර පලාගොස් ඇති බවත් එක් නිලධාරියෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවත් හක්මණ පොලිසිය පවසයි.
 
ඊයේ රාත්‍රියේ හක්මණ දෙස සිට මාතර දෙසට පැමිණි වැලි ප්‍රවාහනය කරනු ලබන ලොරියක් මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරින් තිදෙනා යටකර පලාගොස් ඇත.
 
අනතුරෙන් මියගොස් ඇත්තේ හක්මන පොලීසියට අනුයුක්තව සේවය කළ වලස්මුල්ල මොදරවාන ප්‍රදේශයේ පදිංචි 78262 පොලිස් කොස්තාපල් මාලිත විතාරණ (36) දෙදරු පියෙකි. පොලිස් සැරයන් වරුන්වන (17758) සහ දිලීප්  (60818) පුෂ්පකුමාර යන නිලධාරීන් බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.
 
 
අනතුරට සම්බන්ධ ලොරි රථ රියැදුරු අත්අඩංගුවට ගැනිම සඳහා හක්මණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.