IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පොලිස් ඥාති සංසදයේ උද්ඝෝෂණය වළක්වන්න’යි කළ ඉල්ලීම ඉවතට

(නිමන්ති රණසිංහ)
 
‘පොලිස් ඥාති සංසදය’ නැමැති සංවිධානයක් විසින් හෙට (12) කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සංවිධානය කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරය තහනම් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි කොටුව පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (11) ප‍්‍රතික්ෂේප කළේය.
 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇති අයිතියක් වැළැක්වීමට අධිකරණයෙන් නියෝග නිකුත් කළ නොහැකි බවත්, යම් හෙයකින් උද්ඝෝෂකයින් එම අයිතිය උල්ලංඝණය කරමින් කටයුතු කළ හොත් පොලිස් බලතල පාවිච්චි කරන ලෙසත් දැනුම් දෙමින් මහේස්ත‍්‍රාත්වරයා කොටුව පොලීසියට කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය.
 
පොලිස් නිලධාරින්ගේ සංයුක්ත දීමනා සහ මෑතකදී කණීෂ්ඨ නිලධාරින්ට ලබාදුන් උසස්වීම්වල ඇති අක‍්‍රමිකතා සම්බන්ධයෙන් ‘පොලිස් ඥාති සංසදය’ විසින් හෙට (12) කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි කොටුව පොලිසිය අද (11) අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.
 



අදහස් (0)

පොලිස් ඥාති සංසදයේ උද්ඝෝෂණය වළක්වන්න’යි කළ ඉල්ලීම ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site