
(ධම්මික ගුණවර්ධන)
තෙල්දෙණිය පොලිස් බල ප්‍රදේශයේ මැදදුම්බර මහ දොරලියද්ද කන්දේ පාඵ නිවසක් අසළ නිධාන් හදාරමින් සිටි පොලිස් සැරයන්වරයකු ඇතුළු එකම පවුලේ සොහොයුරන් සිව් දෙනකු සැකපිට පොලිස් අත් අඩංගුවට ගත් බව තෙල්දෙණිය මූලස්ථාන පොලීසිය කියයි.
මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු පෞද්ගලික බුද්ධි තොරතුරකට අනුව මහනුවර කොට්ඨාස විශේෂ විමර්ශන අංශ නිළධාරීන් පිරිසක් සිඳුකළ වැටලීමකදී මෙම පිරිස සැකපිට පොලීස් අත්අඩංගුව ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තෙල්දෙණිය මූලස්ථාන පොලීසියට භාරදී තිබේ.
අත් අඩංගුවට පත් පොලිස් නිළධාරීවරයා කටාන පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව සේවය කරන සැරයෙන්වරයකු බවත් ඉතිරි තිදෙනා මහදොරලියද්දේ පදිංචි ඔහුගේ සොහොයුරන් බවත් සිදුකළ මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
අදාළ නිධානය ගොඩගැනීම වෙනුවෙන් විදුලි බල්බ පවා යොදාගනිමින් දීර්ග කාලයක සිට විටින්විට රාත්‍රි කාලයේදීත් ඔවුන් සිව්දෙනා අඩි දොලහක පමණ ගැඹුරු වළක් කපමින් උත්සහකොට එහි සියඵ කටයුතු නිමවා පුද පූජා සහිත කුකුල් බිල්ලක්ද දී එය ගොඩ ගැනීමට යාමට සැරසුණු මොහොතේදී මෙසේ අත් අඩංගුවට පත් වී ඇත.


COMMENTS
පොලිසියේ අලුත්, අමතර රාජකාරි අතර කුඩු පැක් කිරීම, නිධන් හැරීම ගත හැකියි...