IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පොලිසියේ හොරා පොලිස් සෙල්ලමක් අහුවෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිස් සංස්කෘතික අංශයේ නර්තන ශිල්පී කණ්ඩායම බවට පවසා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කළ පිරිසකගෙන් එක් අයකුට කොරෝනා වයිරසයට ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහුගේ තොරතුරු රැස්කිරීමේදී එම ආසාදිතයා නර්තන කණ්ඩායමට අයත් නොවන පිටස්තර පුද්ගලයකු බවට අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

උසස් පොලිස් නිලධාරියකු නම් කළ දහ අට දෙනකුගෙන් යුත් නර්තන කණ්ඩායම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සඳහා යොමු කර ඇත.

කතරගම පෙරහරේ නර්තන කණ්ඩායම් කීපදෙනකුට කොරෝනා වයිරසය ආසාධිත වීම හේතුවෙන් පොලිස් සංස්කෘතික අංශයේ පහත රට නර්තන කණ්ඩායම ඒ සඳහා ඉල්ලා තිබූ බව එම ආරංචි මාර්ග වලින් පැවසේ

එම පිරිස ඒ සඳහා පිටත්ව යාමට පෙර නාරාහේන්පිට පොලිස් රෝහලේ දී රැපික් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදුකර ඇති අතර එයින් අයකුට වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු විය.

එම පුද්ගලයාට ප්‍රතිකාර ලබාදීම සඳහා තොරතුරු රැස් කිරීමේදී පොලිස් නිලධාරියකු නොවන බවට අනාවරණය වීමත් සමඟම උසස් පොලිස් නිලධාරියාගේ අත්තනෝමතික ක්‍රියාව අනාවරණ වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි

 



අදහස් (0)

පොලිසියේ හොරා පොලිස් සෙල්ලමක් අහුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 787 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site