(දයාරත්න ඇඹෝගම)
කසිප්පු ජාවාරම්කරුවෙකු ගෙන් අරක්කු බෝතල් දෙකක් මිලදි ගැනිම සදහා රුපියල් 3000 ක් ඉල්ලා සිටි බව කියන ගල්කිරියාගම පොලිසියේ සැරයන්වරු දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.
දේවහුව,කපුපැටියාව පදේශයේ පදිංචි කසිප්පු ජාවාරම්කරුවෙකු ගෙන් මෙම පොලිස් සැරයන්වරු දෙදෙනා ජංගම දුරකතනයක් මගින් අරක්කු මිලදි ගැනිම සදහා රුපියල් තුන්දහසක මුදලක් ඉල්ලා ඇති බව පොලිසිය පැවසිය.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි(02) කේ.ඒ.ජේ.එස්.කොඩිසිංහ මහතාට ලද තොරතුරක් මත සිදුකළ මුලික පරීක්ෂණයකින් පසුව සැකකාර සැරයන්වරු දෙදෙනාගේ සේවය මේ මස 29 වැනි දින සිට අත් හිටුවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙක් අයට වැඩිය දෙගුණයක් විතර ලැබෙන පඩි දීමනා මදි වෙන්න ඇති...
තම වටිනා නිල ඇදුම සමගම අශුචි නාපු මෙම දෙදෙනාට උපරිම දඩුවම් ලැබේවා !!