IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


පොලිසියේ පුටු 50ක වෙනසක්

(තරිඳු ජයවර්ධන)
පොලිස් ස්ථානාධිපතිගේ සිට නියෝජ්‍ය පොලිස්පති දක්වා නිලධාරීන් 50කට අදාළ ස්ථාන මාරු නියෝග වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා අද නිකුත් කළේය.

වෛද්‍ය සාෆි විමර්ශනය සම්බන්ධයෙන් ස්ථාන මාරු කිරීමට නිර්දේශ වූ කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතාගේ ස්ථාන මාරුව ද ඒ අතර වෙයි. මහින්ද දිසානායක මහතා කන්තලේ කොට්ඨාස භාර නිලධාරියා ලෙස පත් කර ඇති අතර කන්තලේ කොට්ඨාස භාරව සිටි ජෙයෂ්ඨ පොලිස් අධිකාරී ජේ ඒ යූ පී ජයසිංහ මහතා කුරුණෑගල කොට්ඨාස භාර නිලධාරියා ලෙස පත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති බී ආර් එස් ආර් නාලහමුල්ල මහතා ත‍්‍රිකුණාමල දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති අතර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ සිටි නියෝජ්‍ය පොලිස්පති පී කේ ඩී ප‍්‍රියන්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති සහ මූල්‍ය අපරාධ විමර්ශන දිසාව භාව නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර ඇත.

හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයකු වන දැනට රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නීති විනය හා කල්ක‍්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

විනය, කල්ක‍්‍රියා කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස සිටි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීතීඥ රුවන් ගුණසේකර මහතා පොලිස් මාධ්‍ය හා මහමජන සම්බන්ධතා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත් කර ඇති අතර විනය හා කල්ක‍්‍රියා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කොළඹ වංචා විමර්ශන ආර්යංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී එම් ඒ ඒ ආර් පේ‍්‍රමරත්න මහතා පත් කර තිබේ.



අදහස් (6)

පොලිසියේ පුටු 50ක වෙනසක්

Raveendra Saturday, 10 August 2019 06:00 AM

අනේ මන්දා පොලිසියේ පුටුවලටත් මකුණෝ බෝවෙලා නම් අනිත් රජයේ ආයතන ගැන කුමක් කියමුද?

:       3       42

rama Saturday, 10 August 2019 07:25 AM

සාෆි නිදහස් කරගන්න කී දෙනෙක් සටන මාරු කරනවද පොලිස් කොමිසමක් මොකටද රටට?

:       65       500

Dayan Saturday, 10 August 2019 02:13 PM

සාෆි අමාරුවේ දමන්න කී දෙනෙක් ට්‍රයිද? කෙලින් නිලධාරීන් ඉන්නකොට සාධාරණය ඉටුවෙනවා.

:       59       169

Gihan Saturday, 10 August 2019 03:04 PM

සිංහල මව්වරු වඳකිරීමට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය. ලොව නිවටම ජාතිය වූ වගයි.

:       0       36

JanahitaSunday, 11 August 2019 09:36 AM

ගිහාන් ඔබ සමග අප එකගයි... ජාතිවාදය හෙලා දකිමු

:       0       0

Chanak los angeles Saturday, 10 August 2019 05:26 PM

ඔය අයගෙන් ඇත්තටම රටට ජනතාවට සේවයක් වෙනවාද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 78 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 914 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2535 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site