(දසුන් රාජපක්ෂ)
සේවයේ අවශ්‍යතාවය මත පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට ජාතික පොලිස් සේවා කොමිෂන් සභාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
ස්ථාන මාරුවීම් ලැබූ පොලිස් නිලධාරීන් අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් තිදෙනෙකු, පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු, සහකාර පොලිස් අධිකාරීවරුන් හය දෙනකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
එම පොලිස් නිලධාරීන්ගේ නම් සහ ස්ථාන මාරුවීම් පහත පරිදිය.
01.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.එස් වීරසේකර මහතා - මඩකලපුව කොට්ඨාසයේ සිට පොලිස් මූලස්ථානයට
02.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී.එම්.ඒ බණ්ඩාරනායක මහතා - කොළඹ දකුණ කොට්ඨාසයේ සිට මඩකලපුව කොට්ඨාසයට
03.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර් මනෝජ් මහතා - කොළඹ මධ්‍යම කොට්ඨාසයේ සිට යාපනය කොට්ඨාසය භාර නිලධාරී
04.පොලිස් අධිකාරී ඩී.කේ ප්‍රියන්ත මහතා - කොළඹ මධ්‍යම කොට්ඨාසයේ දිස්ත්‍රික් අංක 2 භාර නිලධාරී තනතුරේ සිට කොළඹ මධ්‍යම කොට්ඨාසයේ දිස්ත්‍රික් අංක 1 භාර නිලධාරී
05.පොලිස් අධිකාරී ඩී.එස් විජේසිංහ මහතා - අගමැති ආරක්ෂක කොට්ඨාසයේ සිට වව්නියාව කොට්ඨාසයට
06.සහකාර පොලිස් අධිකාරි ආර්.එම්.කේ රණවීර මහතා කන්තලේ කොට්ඨාසයේ සිට තෙල්දෙණිය කොට්ඨාසයට
07.සහකාර පොලිස් අධිකාරි එන්.ඩබ්ලිව් සේනානායක මහතා - අගමැති ආරක්ෂක කොට්ඨාසයේ සිට මාතර කොට්ඨාසයට
08.සහකාර පොලිස් අධිකාරී එන්.ජේ එදිරිසිංහ මහතා - තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ සිට නුවරඑළිය කොට්ඨාසයට
09.සහකාර පොලිස් අධිකාරි ඒ.ඩී තිලකරත්න මහතා - අම්පාර කොට්ඨාසයේ සිට අගමැති ආරක්ෂක කොට්ඨාසයට
10.සහකාර පොලිස් අධිකාරි එච්.ඩී.ආර් හෙට්ටිආරච්චි මහතා - ත්‍රිකුණාමලය කොට්ඨාසයේ සිට කොළඹ අපරාධ කොට්ඨාසයට
11.සහකාර පොලිස් අධිකාරී කේ.එන් ගුණවර්ධන මහතා - නුවරඑළිය කොට්ඨාසයේ සිට කොළඹ අපරාධ කොට්ඨාසයට
12.ප්‍රධාන පොලිස් පරීක්ෂක බී පී ජී සිල්වා මහතා - පොලිස් මූලස්ථානයේ සිට සැපයුම් කොට්ඨාස ස්ථානාධිපති
13.පොලිස් පරීක්ෂක ටී ආර් එම් එස් සී රණසිංහ මහතා - මීගමුව කොට්ඨාසයේ සිට දුන්ගල්පිටිය පොලිස් ස්ථානාධිපති
14.පොලිස් පරීක්ෂක ඩී එස් එම් මුණසිංහ මහතා - මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති තනතුරේ සිට එහි ස්ථානාධිපති
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියේ නිලධාරීන් 14 කට ස්ථානමාරු