IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


පොලිසියෙන් ජනතාවට උපදෙස් මාලාවක්

(ඉන්දිකා රාමනායක)

රටේ පවතින   අයහපත් කාලගුණය   තත්තවය හමුවේ අනව්‍ය කටයුතුවල නිරතවීමට ගොස් ආපදාවන්වලට  ලක් නොවී, මෙම අයහපත් කාලයගුණ තත්ත්වය  දිවයිනෙන් පහව යනතෙක්  ජනතාව අවදානයෙන් කටයුතු කළ යුතු බව  පොලිසිය මුලස්ථානය දක්වා සිටියි.

දිවයිනේ  විවිධ ප්‍රදේශ  වෙත මේ දිනවල අධික වැසි ඇද හැලීමෙන් ඇතැම්  ප්‍රදේශවල නායයාම් ,  ජල ගැලීම්,   මාර්ගවලට  හානි දායක තත්ත්වයන් වාර්තා  සිදුව  වී ඇති බවට වාර්තා වී ඇති බවත්,  ජනතාව දෛනික  කටයුතු කිරීමේදී මේවා සම්බන්ධයෙන් අවදානයෙන් කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ  නිහාල් තල්දූව මහතා පවසයි.

කදුකර  ප්‍රදේශවල  වෙසන ජනතාවට  එම ප්‍රදේශයෙන්  ඉවත් වන  ලෙසට රජයේ  නිලධාරීන් පෙර දැනුම් දී ඇති නම් වහාම  එම ප්‍රදේශවලින්  ඉවත් විය යුතු බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටියි.

ජල ගැලීම්  සිදුව ඇති ප්‍රදේශවලට , ජලය ගලායන ස්ථානවලට,  ජලෙයන්  වැසී ඇති  මාර්ගවල ගමන් නොකරන ලෙසට ද    ජනතාවගෙන් ඉල්ලා සිටින බව හෙතෙම කීය.

මෙවැනි  ස්ථානවල  බොහෝවිට අවදනම් තත්ත්වයන් තිබිය දැකි බවත්,  මාර්ග හොදින්  නිරීක්ෂණය නොවන්නෙනම් එවැනි මාර්ගවල ගමන් නොකළ  යුතු  හෙතෙම කීය.

වැසි තත්ත්වය හේතුවෙන් ඇතැම්  මාර්ගවලට හානි සිදුව ඇති බවත්, එවන් මාර්ග   ජලයෙන් යටවී ඇති නම්  ගමන්  එවන් මාර්ග වල ගමන් කිරීම අවදානම් බවද හෙතෙම වැඩිදුරටත් කීය.

ජලයෙන් පිරී ඇති ස්ථානවල  දරුවන්   විවිද විනෝද  ක්‍රිඩා වල  නිරත වන බවත්  දෙමාපියන් ඒ සම්බන්ධයෙන් අවදානයෙන් සිට  දරුවන්ට ඒ සදහා යොමු වීම වලක්වා ගත යුතු  බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මහජනයා ස්ථාන  එවැනි අවදානම් ස්ථාන   නැරඹීට    යාම ද නොකළ යුතු බවත්,    මුහුදු ගමන් යෙදීමේ දී කාලගුණ සම්බන්ධනේ දැඩි   අවදානය යොමු කර  එම කටයුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.



අදහස් (0)

පොලිසියෙන් ජනතාවට උපදෙස් මාලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site