IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පොලිස්පති ඉවත් කරන්න පොලිස් කොමිසමට බලයක් නෑ

(රංජන් කස්තුරි)

පොලිස්පතිවරයා ඉවත් කිරීම හෝ ඔහුට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට හෝ පොලිස් කොමිසන් සභාවට බලයක් නැතැයි එම කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් එවැනි තීරණයක් ගැනීම පොලිස් කොමිසමේ විෂය පථයට අයත් නොවන බවද ඔහු කීවේය.

මේ පිළිබඳව ලංකාදීපයට කළ තවත් විමසුමකදී නීති විශාරදයෙකු සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස්පතිවරයා පත් කිරීමේ බලධරයා ජනාධිපතිවරයා වන බවය.

ඒ අනුව පත් කිරීම් බලධාරියාට පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යැවීමට ඔහුට එරෙහිව විනයානූකූල පියවර ගැනීමට සහ වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කිරීමේ හැකියාව පවතින බවද හෙතෙම කීය.



අදහස් (11)

පොලිස්පති ඉවත් කරන්න පොලිස් කොමිසමට බලයක් නෑ

kamil Monday, 29 April 2019 05:20 PM

පොලිස්පති පත්කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට වේ. ජනාධිපතිවරයාගේ කාර්ය පත්වීම ලබාදීම පමණි. නීති විශාරදයෝ දැල් පැලෙන තර්ක ගෙනේවි අවසානයේදී ශ්‍රේෂ්ටාධිකරණය නිවැරදි තීන්දුව දේවි!!

:       51       134

ගල්කටස් Tuesday, 30 April 2019 02:24 AM

පාර්ලිමේන්තුව තුල සිටින අයට රට ගැන හැගීමක් තිබෙනවද යන්න ගැටළුවකි. මොහු පත් කිරීමට හෝ විනය ක්‍රියාමාර්ග ගැනීමට ව්‍යවස්ථාවදායක සභාවට උවමනාවක් තිබුණා නම් මීට පෙර එය කල යුතුයි. පොලිස්පති ⁣කවටයෙක් වූ අවස්ථා වලදි එය කල යුතුව තිබුණා කෙසේ වෙතත් මොහු අනිවාර්යයෙන් අයින්කල යුතුයි. කවරකු වුවත් එයට විරුද්ද නම් එතන ඇත්තෙ බලයට ඇති කෑදරකමය. ජනතාවට වූ විපතට වගකියන්න ඕනත් ඒ අහිංසක ජනතාවමද?

:       0       0

juliyan Monday, 29 April 2019 05:24 PM

පොලිස්පති පත්කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට වේ ශ්‍රේෂ්ටාධිකරණය නිවැරදි තීන්දුව දෙවි .

:       62       131

isuru Monday, 29 April 2019 05:26 PM

කාමිල් ඔබ හරි

:       1       83

dayan Monday, 29 April 2019 05:33 PM

19 වන ආණ්ඩුක්‍රම විවස්තාවට අනුව පොලිස්පති පත්කළ යුත්තේ හා ඉවත්කළ යුත්තේ පාර්ලිමේන්තු කාරක සභාවකට පමණි. නමුත් වරදක් කල බව ඔප්පු උවහොත් ශ්‍රේෂ්ටාධිකරණයට තීන්දුවක් ගැනීමේ බලයක් ඇත .

:       0       77

මුණසිංහ Tuesday, 30 April 2019 02:34 AM

19 වන සංශෝධනයට ඡන්දය දුන් සැමට අපගේ උත්තමාචාරය!!!

:       0       0

indika Tuesday, 30 April 2019 03:33 AM

19 සංශෝධනය රට අවුල් කරා. වැරදිලාවත් පොලිස්පති ත්‍රස්තවාදීන්ට උදව් කරලනම් එත් සැහෙන කාලයක් බලන් ඉන්න ඕනේ එයාව අයින් කරන්න.

:       0       0

Bamunuarachchi Tuesday, 30 April 2019 04:46 AM

පොලිස්පති ඉවත් කොරන්න ජනාධිපතිටත් බලය නැහැ කොමිසමටත් බලය නැහැ. මහින්ද මහතා මට්ටු කරන්න ජනාධිපති සතු බලතල නැති කරගන්නාවිට මේදේ සිද්ද වෙනබව පෙන්නා දුන්න. උදාහරණයකට කීවේ යුද්දයකදී මල්ටි බැරල් ප්‍රහාරයක් දෙන්නත් පාර්ලිමේන්තුවෙන් අවසර ගන්න වෙනවා කියලා. 2020 දී ජේ ආර් ජනාධිපති බලතල නැවත ගමු, එජාපයෙන් ජනාධිපතියෙක් මේ සම්මත ජාතියේ පත් නොවන නිසා.

:       0       6

tilaka Tuesday, 30 April 2019 12:58 PM

19 වන සංශෝධනය යටතේ ජනාධිපතිට කිසිම බලයක් නැ පොලිස්පතිව අනිවාර්ය නිවාඩු අරින්න. අගමැති, කැබිනට් ඇමතිවරු, නිදිද? පොලිස්පතිතුමනි අධිකරණයේ පිහිට පතන්න.

:       0       0

saman Tuesday, 30 April 2019 01:04 PM

පොලිස්පතිතුමනි අධිකරණයේ පිහිට පතන්න.. ඔබට ජය නියතයි

:       0       0

thilakaa Thursday, 02 May 2019 01:14 PM

අධිකරණයට යන්න පොලිස්පති තුමනි ඔබය ජය සිකුරුයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site